Fri. Jan 28th, 2022

තාරුණ්‍යයේ දඟකාර දක්ෂ රංගන ශිල්පියෙක් වෙන කලණ සමඟින් අද අපි travel ගැන කතා කරන්න සුදානම් වෙන්නේ. කලන මුලින්ම ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගන්නේ සීමිත කොටස් ගණනක් තිබුන ‘කුඹියෝ’ ටෙලිනාට්‍ය හරහා. ඉන්පසු විවිද නාට්‍ය හරහා කලන ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. කලණ travel කරන්නේ විනෝදාංශයක් විදිහටද? ”ඔව්. මම travel කියන දේ අවුරුදු ගානක් තිස්සේ කරන දෙයක්. මම යාළුවෝ එක්ක කොහොමත් ඇවිදින කෙනෙක්. විවේකයක් ලැබුන ගමන් අපි යනවා ඇවිදින්න.⁣ ගොඩක් වෙලාවට අපි කැමති කැළෑ, දිය ඇලි, කදු වගේ තැන්වල ඇවිදින්න. දන්න අය දන්නවා මම කොහොමත් ඇවිදින්න ආස කෙනෙක් කියලා.”

ඇවිදපු තැන් වල හිතට දැනුන තැන් තියෙනවද? “දිය ඇලි කදු වලට මම ගොඩක් ආසයි. කදු කියන්නේ ගැහැණියකගේ සාරාගිකත්වයට උපමාවක්. ඉතින් මම ආසයි කදු කියන ගැහැණිය ගැන තොරතුරු හොයන්න. මම පරිසරයටත් ගොඩක් ආදරේ කෙනෙක්. කැළෑ මැදින් ඇවිදින්න මම ආසයි. කැළැ මැද්දේ ගලායන දිය ඇලි වල සද්දෙට මම ආසයි.”

අනාගතයේදි යන්න ආස තැනක් තියෙනවද? “කියන්න බැරි තැන් ගොඩක් තියෙනවා. හැබැයි මම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා හිමාලෙට යන්න. හේතුවක් දන්නේ නෑ ඒ වචනය ඇහෙද්දි වුනත් මට ආසයි හිමාලේට යන්න. ඒ සුන්දරත්වය විදින්න.කවදාවත් ගිහින් නැති නිසා වෙන්න ඇති ඒ තරම් හිමාලයට යන්න කැමති මම.”

Travel කියන දේ ඔබ දකින්නේ කොහොමද? “ඉපදුන දවසේ ඉදන් මිනිස්සු වුන අපි කරන්නේ Travel කරන එක. මානසිකව ශාරිරිකව අපිට ඕනිම විදිහකට travel කරන්න පුළුවන්. ශාරිරිකව travel කරද්දි අපිට පුළුවන් ජිවිතේ ඉස්සරහට යන්න. මම නම් ඉඩක් ලැබෙන ඕනිම වෙලාවක කැමතියි ඇවිදින්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *