Sat. May 21st, 2022

දිල්කි උරේෂා කියන්නේ මෙරට ගායිකාවන් අතරින් වෙනස්ම කටහඬකට හිමිකම් කියන හිමිකාරියක්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. පහුගිය ගෙවුණු කාලය පුරාවට අය ගැන නම් කතා නොවුන කෙනෙක් නැති තරම්. ඊට හේතුව සංජය මුරමුදලි⁣ හා ඇය එක්ව කළ ඡායාරූප එකතුවක් නිසා. ඉතින් ඒ සිද්ධියෙන් ම අපි මේ කතාව ආරම්භ කරන්න හිතුවා, ඇත්තටම ඒක මියුසික් වීඩියෝ එකක් සඳහා කරපු කැම්පේන් එකක්. ගොඩක් අය ඒ ගැන කතා කරන්න පටන් ගත්තා අපි නොහිතපු විදිහට.

ඒ වගේම සමහරු අපිට විෂ් කරල තිබුණා. අපි හඳ පානේ ගීතය සඳහා තමයි මේ කැම්පේන් එක කළේ. අපි හිතපු විදියටම ඒක සාර්ථක වුණා. ගොඩක් අය මට කියල තිබුන සංජට තමයි මට ගැළපෙන්නේ කියලා. කොහොම වුණත් මමයි එයයි අතර තියෙන්නේ හොඳ මිත්‍රත්වයක්. අපි දෙන්නටම මේ නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන් වුණා.

සංගීතය තුල ඔබ වෙනස්ම ගමනක් යන කෙනෙක් නේද, ඔව් මම මුලින්ම සංගීතයට පිවිසුණේ තේමා ගීත වලින්. මම කොහොමත් කැමතියි වෙනස් දේවල් කරන්න. එක එක රස වල ගීත ගායනා කරන්න මම ආස වුණා. ක්ෂේත්‍රයේ ගොඩක් අය මාව ගායිකාවක් විදිහට දන්නවා. හැබැයි වෙනසක් කරන්න ඕන නිසාම මමම සින්දු ලිය ලිය ගායනා කරනවා. හඳපාන ගීතයත් වෙනස්ම ගීතයක් වෙයි කියලා මම හිතනවා.

රසිකයින්ගෙන් ලැබෙන ආදරය ගැන මතක් කළොත්, ඇත්තටම එයාලා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මම මොන ගීතයක් කළත් මාව ආදරයෙන් වැළඳ ගන්න පිරිසක් ඉන්නවා. එයාලගේ ප්‍රතිචාර ගොඩක් හොඳයි. මගේ ලොකුම සතුට තමයි ඒ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර. ඉතින් මම මගේ රසිකයන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව මේ වගේ තැනකට ගෙනාවට.

ඇය අවසන් ලෙස අපට පවසා සිටියේ ඇගේ ජීවිතයේ ලොකුම හෙවනැල්ල ඇගේ මවුපියන් බවයි. ජීවිතේ ගොඩක් තැන් දරාගන්න ඇයට කියලා ඔවුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *