‘මට කිම්ගේ බෑග් එක බලන්න ආසයි’ අපේ පුංචි කිම් ටීනා කියන කතාව

ටීනා ශනෙල් කියන්නේ විලාසිතා නිසාම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුන කලාකාරිනියක්. ඉතින් ෆොටෝ ගහන එක විනෝදංශයක් විදිහට දකින ටිනා ජිවිතේ විදින යුවතියත්. ඉතින් අපි මේ සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න. ටිනාගේ ගැලරියේ ෆොටෝ ගැන මතක් කලොත්, “අපොයි ගනන් කරන්න බැරි තරම් තියෙනවා. ගොඩක් දුරට මගේ ෆොටෝ ගහන්නේ මගේ පෙම්වන්තයා. මම ඉතින් අලුත් අලුත් විලාසිතා කරනවා. ඒ දේවල් එක්ක මම ඉතින් ෆොටෝ ගහනවා.”

ටිනා නිතරම හැන්ඩ් බෑග් පාව්ච්චි කරන කෙනෙක්ද? “ඔව් මම නිතරම වගේබෑග් එක පාවිච්චි කරනවා. එහෙම කියලා මම බෑග් එක නැතුව එළියට යන අවස්ථාවලුත් තියෙනවා. හැමතැනකම අරගෙන යන්න ඕනි කියලා අදහසක් මට නෑ. හැබැයි මම අඳින ඇඳුමට ගැලපෙන විදියට තමයි හෑන්ඩ් බෑග් පාවිච්චි කරන්නේ ඉතින් ඒ වගේම ඒ ඒ ඇඳුම් වලට ගැලපෙන බෑග් එකතුවක් තියෙනවා”

ඔබ අරන් යන බෑග් එකේ අනිවාර්යයෙන් තියෙන දේවල් ගැන මතක් ⁣කලොත්, “මේකප් බොක්ස් එක අනිවාර්යයෙන් තියෙනවා. ටොෆි චොක්ලට් තියෙනවා. හදිස්සියකට කන්න. ඊට අමතරව සල්ලි ෆර්ෆියුම් වෙලාවකට සපත්තු පවා දාගෙන යනවා. ගෙදර යතුර මේ වගේ දේවලුත් තියෙනවා. මම ආසයි මගේ පෙම්වතා වුනත් බෑග් එකේ දාගෙන යන්න.”

ජිවිතේ අමතක නොවෙන කෝල් එකක් තියෙනවා නේද ටිනාගේ ජිවිතේ. “අපොයි ඔව් තියෙනවා. ගැහැනු ළමයෙක් අමුතු විදිහට මට කතා කරලා අමුතු යෝජනා කලා. ඒක දිගින් දිගටම ආව කෝල් එකක්. ඉතින් ඒ ආව කෝල් එකනම් මට ජිවිතේට අමතක වෙන්නේ නෑ. අමතක කරන්නත් බෑ. ඒක තමා අමතක නොවෙන කෝල් එක.”

ටීනාට මේ ලෝකේ ඕනෑම කෙනෙක්ගේ හෑන්ඩ් බෑග් එක බලන්න අවස්තාවක් දුන්නොත් ඔයා තෝරාගන්නේ කාගේ බෑග් එකද ”ඇත්තම කියනවනම් මම ගොඩක්ම ආස කරන කෙනෙක් තමයි කිම් කඩාෂියන් කියන්නේ, ඉතින් මට ඒ වගේ අවස්තාවක් අනිවාර්යෙන් තෝරාගන්නේ කිම්ගේ බෑග් එක බලන්න. වෙන විශේක කෙනෙක් නම් නෑ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *