‘මට ඕන හැමදාම කෙල්ල වගේ ඉන්නේ’ ජනප්‍රිය නිලි වාසනා කියන කතාව

රංගන ශිල්පිනියක් මෝස්තර නිරූපිකාවක් විදිහට කලාවට පිවිසෙන ඇය නමින් වාසනා දන්තනාරායන. ඉතින් අද ලස්සන ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ ඇයයි. සුන්දරත්වය හමුවේ අදටත් තම සුන්දරත්වය නොවෙනස්ව පවත්වා ගන්න ඇය ෆැෂන් සඳහාද දෙන්නේ ඉහළ තැනක්. ඉතින් අපි හිතුවා ඇයගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න. ඔබ ෆැෂන් වලට ආස කෙනෙක්ද, ”ඔව් මම ආසයි මැරෙනකම්ම ලස්සනට ඉන්න. මම මොන ඇඳුම ඇන්දත් මම එක කරන්නේ ෆැෂන් එකක් විදිහට. මම පෞද්ගලිකව හිතන්නේ ෆැෂන් එකක් කියන්නේ අඳින පලදින ඇදුම පමණක් නෙවෙයි.

අපි කෙනෙක් එක්ක කතා කරන විදිහ, කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදිහ, අපි කොණ්ඩේ පිරන විදිහ, අපි කතා කරන විදිහ, මේ හැමදේම ෆැෂන් එකක්. මේ හැමදේම තුළින් අපිට පුළුවන් අපේ අනන්‍යතාවයක් නිර්මාණය කරන්න. මම මගේ ජීවිතේ මට අනන්‍යතාවයක් නිර්මාණය කරගෙන තියෙන්නේ ෆැෂන් නිසා. ෆැෂන් කරන්න කිසිම වෙලාවක ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ.”

පුංචි කාලේ ඉදන්ම ඔබ ලස්සනට අඳින්න කැමති කෙනෙක් ද, ”ඔව් මම පුංචි කාලේ ඉදන්ම ලස්සනට අඳින්න කැමති කෙනෙක්. මම පුංචි කාලේ ඉඳලම මගේ ගෙදර අය ඉස්සරහ නිරූපිකාවක් විදිහට රඟපෑවා. මම පුංචි කාලේ ඉදන්ම ලස්සන කියන දේ දැකපු කෙනෙක්.”

ඔබ යම් කෙනෙක් අනුකරණය කළා ද, ”මම හිතන්නේ ෆැෂන් කියන දේ ඇතුලේ තියෙන්නේ යම් අනුකරණයක්. ඒක ලංකාවට නෙවෙයි ලෝකයටම පොදු දෙයක්. පුංචි කාලේ රෝසි සේනානායක මහත්මිය දකිද්දී මට හිතුන ඇය වගේ වෙන්න. ඇය වගේ මේ රටට කීර්තියක් අත් කරලා දෙන්න. ඒ වගේ ලස්සනට අඳින්න පලඳින්න මම ආස කලා. මම පුංචි කාලේ ඉඳන්ම හිතුවේ කවදහරි දවසක ඇය වගේ මේ රට නියෝජනය කරන්න. ඒ කියන්නේ මම මටම අනන්‍යතාවයක් නිර්මාණය කරගන්නවා කියලා.”

ලස්සන විලාසිතාවක් කලහම ඔබට කොහොමද ඒක දැනෙන්නෙ, ”මම හිතන්නේ කවුරු හරි කෙනෙක් ලස්සනට පිළිවෙලට පිරිසිදුව පිරිසිදුව ඉන්නවනම් ඒකේ ප්‍රතිලාභය ලබන්නේ තමන්මයි. මම මාව කණ්නාඩියෙන් බලන හැම වෙලාවකම සතුටක් ලබනවා. ලස්සනයි කියන දේ හදවතට දැනෙනවා. මම නිතරම ප්‍රාර්ථනා කරන්නෙ මට ගැහැණු ආත්මයක් ලැබෙන්න කියලා. ලස්සන කියන දේ අපිට දැනෙද්දි නොදැනීම අපේ හදවතට ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒ නිසා මම හිතන්නේ ලස්සන කියන දේ මත කෙනෙක් සතුටු වෙනවා නම් ඒ සතුට ලැබෙන්නේ තමන්ගේ හදවතින්මයි. තමන්ගේ හදවතටමයි.”

ලස්සනට ඉන්න කොට පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද, ”ගොඩක් හොද ප්‍රතිචාර හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ පවුලේ අය මගේ යාළුවෝ නිතරම මම ලස්සනයි කියද්දි මට තවත් ලස්සනට ඉන්න හිතෙනවා. දැන් මට ලස්සන ඇඳුම් තෝරන්නේ මගේ මහත්තයයි මගේ දුවයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *