Tue. May 17th, 2022

රුවංගි රත්නායක කියන්නේ මෙරට සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයට පුංචි තිරය සිනමාව ආධුනික තැනක් නොවේ. අද අපි travel ගැන කතා කරන්න එකතු කර ගත්තේ ඇයවයි. ඇය මුලින්ම අප හා පවසා සිටියේ travel කියන දෙයට ඇය ගොඩක් ආස කරන බවයි. රුවන්ගි travel කරපු තැන්වලින් හිතට දැනුන තැන මොකක්ද, මම ලංකාවෙ ගොඩක් තැන් වල ඇවිදලා තියෙනවා. ඒ වගේම විදේශ රටවලත් ගිහින් තියෙනවා. මම වඩාත්ම කැමැති ගමන තමයි ඩුබායි ගමන.

මම හිතන්නේ මම යන විදේශිය සංචාරයක් සාර්ථක වෙන්නේ shopping කියන දේ සාර්ථකව කළොත් විතරයි. ඉතින් මට ඩුබායි ගමනෙදි shopping කියන කාරණාව සාර්ථකව ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. අනික තමයි එහෙ ලස්සන තැන් කීපයකම මම ඇවිද්දා. මේ හැමදේම නිසා මම ඩුබායි ගමනට ගොඩක් කැමතියි.

ඔබ ගිහින් නැති ආසාවෙන් යන්න ආස තැනක් තියෙනවද, ඇත්තටම ඔව් මගේ ලොකු ආසාවක් තියෙනවා ග්‍රීසියට යන්න. මොකද මම අහල තියෙනවා ග්‍රිසිය ගොඩක් ලස්සනයි කියලා. ඒ නිසාම මම කැමැතියි මගේ මහත්තයත් එක්ක ග්‍රීසියේ සංචාරය කරන්න. කතාවට ගොඩක් අය කියනවා ග්‍රීසිය කියන රට ගොඩක් ලස්සනයි කියලා.

travel කියන දේ ඔබමොන විදිහටද දකින්නේ,මම හිතන්නේ travel කියන්නේ අපි කැමති අය එක්ක අපි කැමති තැන්වල ඇවිදින්න යන එක කියලා. මම හිතන්නේ ඒ දේ අපේ ජීවිත වලට අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසාම වෙන්න ඇති මම travel කියන දේට ගොඩක් ආස කරන්නේ.ගොඩක් වෙලාවට කොළඹ ජීවත් වෙලා ඉන්න අපි ගේ ඇතුලට ම තමයි හුරු වෙලා ඉන්නේ. ඉතින් ඒ පරිසරයෙන් ටිකක් මිදිලා දුරු පැත්තකට ගිහිල්ල සංචාරය කරන එක හොඳයි කියලයි මම හිතන්නේ.

ඔබ වැඩිපුරම travel කරන්න කැමති කාත් එක්කද, ඒකනම් ගමනින් ගමනට වෙනස් වෙනවා. මම පවුලේ අය එක්ක travel කරන්න කැමතියි. ඒ වගේම මගේ මහත්තයා එක්ක travel කරන්න කැමතියි. යාලුවෝ එක්කත් ගමන් යන්න කැමතියි. ඉතින් යන ගමන අනුව යන කට්ටිය අනුව තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ. කොහොම උනත් මම කැමතියි හැමෝම එක්ක travel කරන්න.

travel කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඔබ කියන පණිවිඩය මොකක්ද, පෞද්ගලිකව අපි ඕනම කෙනෙක් කැමතියි travel කරන්න. මම හිතන්නේ අපි අපේ ආර්ථිකය අනුව තමයි travel කරන්න තැනක් තෝරාගත යුත්තේ. ඒක තමයි ලොකුම දේ. මොකද සමහර වෙලාවට අපි ලොකු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ගිහින් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. අමාරුවෙ පවා වැටෙනවා. ඉතින් අපි travel කරන්න අපිට ගැලපෙන තැනක් තෝරාගත යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *