Sat. May 21st, 2022

කේ.සුජිවා කියන්නේ භාෂා කිහිපයකින්ම ගීත ගයන්න පුළුවන් දක්ෂ ගායිකාවක්. ඇය ප්‍රසිද්ධ වේදිකාවට නැතිවම බැරි චරිතයක්. දියණියන් දෙදෙනකුගේ මවක් වූ ඇය ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි දුරටත් කතා වුණා. මේ කාලය තුළ ප්‍රසංග වලටත් ඉඩ ලැබී ඇති නිසාම අපි හිතුව කේ සුජිවා සමග කතා කරන්න. කාලෙකට පස්සේ ඇය ඇගේ ම ගීතයක් නිර්මාණය කරනවා. ඉතින් මුලින්ම ඒ ගැන අපිට විස්තර කිව්වොත්, මේ ගීතය තාම වේදිකාවට අලුත්. ලොකු මහන්සියක් වෙලා නෙමෙයි මේ නිර්මාණය කළේ.තවම මේ ගීතයට ප්‍රතිචාර ලැබිල තියෙන්නේ සාමාන්‍ය පිරිසකගෙන්. මේ ගිතයේ මියුසික් මගේ දුවගේ. මේ ගීතයේ රූප රචනාව පැය දෙක තුනක් වගේ කෙටි කාලයක් තුළ සිද්ධ වුණ දෙයක්. හැමදේම හදිස්සියේ වුනත් නොහිතපු විදිහට නිර්මාණය සාර්ථක වුණා.

ඔබ දුවරු දෙදෙනකුගේ මවක්.ඉතින් දූවරු ගැන තියෙන බලාපොරොත්තු මොනවාද, මම ප්‍රාර්ථනා කරන එකම දේ තමයි මට උන මම ලබපු අත්දැකීම් කිසිම දෙයක් මගේ දරුවන්ට ලැබෙන්න එපා කියලා. පව් පින් කියන දෙය මම ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඒ නිසාම එයාලගේ ජීවිත කොහොමද ලියවිලා තියෙනවද කියන්න මම දන්නෙ නැහැ. හැබැයි මට පුළුවන් විදිහට මම එයාලගේ අනාගතය වෙනුවෙන් වැඩ කරනවා. එයාලා ඉගෙන ගන්නේ මොන වගේ දේවල්ද එයාලා අනාගතය සැලසුම් කරන්නේ මොනවගේ ක්ෂෙත්‍රයේ ද එයාලා සහකරුවන් තෝරගන්නේ කොයි වගේ විදිහට ද කියලා එයාලාටම තිරණය කරන්න මම අවස්ථාව දිලා තියෙනවා. මම ලග කවදාවත් එයාලාට නීති නැහැ. මම කැමතියි මගේ දුවරු ස්ථාවර වෙලා ජිවිතේ නොවැටි ඉස්සරහට යනවා බලන්න.

ඔබ ආදරය ගැන නිර්වචන කලොත්, හැමෝම කිව්වේ වගේ ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක්. ඒ ආදරය සුන්දරව විදින්න සුන්දර කෙනෙක් හමු විය යුතුමයි. එහෙම කෙනෙක් නො ලැබෙනවානම් ඒක ඒ කෙනාගේ පව. ආදරයක් නොලැබෙන්නෙත් කරපු පව් නිසා. මම කියන්නේ ආදරයට ආදරය කරන්න පුරුදු වෙන්න ඕන.

ඔබට ජීවිතයේ වරයක් ලැබුනොත්, මම ඉල්ලන එකම දේ මේ මනුස්ස ලෝකේට ආය මම එන්න එපා කියලා. මට ඕනි මේ සංසාර ගමන කෙටි කරගන්න. මම මේ ජිවිතේ විදපු දුක් හොදටම ඇති. ඉතින් ඒ නිසා ආයේ මනුස්ස ආත්මයක් මට එපා.

මේ ක්ෂේත්‍රයට එන අලුත් අය ගැන ඔබ මොකද හිතන්නේ, අලුතෙන් එන හැම දෙනාම මම සුහදව පිලිගන්නවා. අද වන විට තාක්ෂණය ගොඩක් දියුණුයි. ඒ නිසාම අපට අලුත් අලුත් දේවල් දකින්න අහන්න ලැබෙනවා. මම හිතන්නේ මේ ක්ෂේත්‍රය කොහොමත් අලුත් විය යුතු ක්ෂේත්‍රයක්. මම කැමතියි අලුතින් දෙයක් හිතලා අලුතින් හිතන පරම්පරාවක් මේ ක්ෂේත්‍රයට එකතු වෙනවට.

ඔබේ ගීත ඇහෙන්නේ ඉතාම කලාතුරකින් නේද, පහුගිය කාලේ මට ගීත ගායනා කරන්න තරම් මානසික මට්ටමක් තිබුණේ නැහැ. අනික රටේ තිබුණ තත්වයත් එක්ක අපි හැමෝටම ඒ අවස්ථාව ගිලිහිලා ගියා. මගේ මානසික නිදහසත් නැති වුන නිසා නිර්මාණ කරන්න බැරි වුණා. මොකද සාර්ථක නිර්මාණයක් බිහි වෙන්න මානසික නිදහස කියන දේ වැදගත්. කාලයක් මට මූල්‍යම ප්‍රශ්න තිබුණා. කාලයක් මට මානසික ප්‍රශ්න තිබුණා. මේ හැමදේම එක්ක නිර්මාණ කරන එක ලේසි වුනේ නෑ. හැබැයි දැන් මම මුල්‍යමය අතිනුත් මානසිකත්වය අතිනුත් ගොඩක් ශක්තිමත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *