යුරේනි නොෂිකා කියන්නේ කාගේත් අවධානය දිනා ගත්තේ රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියක් ම පමණක් නොව නිවේදනයට ද නිරූපණයට දක්ෂ හැකියාවක් ඇති අයෙක්. මේ දිනවල වැඩිපුර සමාජ මාධ්‍ය තුළ ඇය ගැන කතාබහට ලක්වෙනවා. ඒ ඇගේ ඇඳුම් විලාසිතා නිසා. ඉතින් මේ සූදානම හැමෝම කතා කරන ඇය ගැන කතා කරන්න.
යුරේනි නොෂිකා කියන්නේ අනුන්ගේ වචන වලට තමන්ගේ ජීවිතය වට්ට ගන්න කෙනෙක් නෙවෙයි. විවේචන චෝදනා මැද්දේ ඇය ඇයට හැකි උපරිම ලෙස ජීවිතය විඳිනවා. ඒ බව බොහෝ දෙනෙක් දකිනවා. ඇය අනුන්ගේ කතා බහ තමන්ගෙ නිදහසට බාධාවක් කර ගන්න කෙනෙක් නෙවෙයි. ආන්දෝලනාත්මක ඡායාරූප නිසාම යුරේනි ගැන බොහෝදෙනා කතා කරන්න වුණා. ඇය පහුගිය එක් දිනෙක යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී ඇගේ ජීවිතය මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව කතා කළා.
මට මගේ ගෙදර ඕනි විදිහට ඉන්න පුළුවන්. මම නාලා නාන කාමරෙන් එලියට එද්දි ඇඳුමක් ඇඳගෙන එන්නත් පුළුවන් ටවල් එකක් ඇඳගෙන එන්න පුළුවන් ඇඳුමක් ඇඳගෙන නැතුව එන්නත් පුළුවන්, මොකද මේක මගේ ගෙදර. මට ඇදුම් නැතුව හරි ඉන්න පුළුවන්. දවසක් මම නාල නාලා ඇදුම් නැතුව ආවා. ගොඩක් වෙලාවට නානකොට ගෑනු ලමයිගේ කොන්ඩ යනවනේ. හිතින් මගේ වැටෙන කෙස් ටික එකතු කරලා විසිකරනවා. ඉතින් මම ඉන්න පැන්ට්‍රිය තවත් ප්‍රැන්ට්‍රි තියෙනවා. මම ඔය විදියට මගේ ගෙදර පැන්ට්‍රිය ඉස්සරහ එද්දි ඉදිරියේ පැන්ට්‍රියේ අවුරුදු 25 ක විතර පිරිමි ළමයෙක් හිටියා. එදා මම හිටපු විදිය හොඳ නැති නිසාම මම ඒ පිරිමි ළමයා දැක්ක ගමන් බිමට නැමුනා. ඉතිං ඔහොම වෙද්දි මම හිටපු පැන්ට්‍රියෙන් මට යන්න සිද්ධ වුණා, ඒ මොකද ගොඩක් පිරිමි ලමයි මගේ පැන්ට්‍රිය දිහා බලන් ඉන්න පටන් ගත්ත නිසා.
යුරේනි කියන්නේ නිරූපණයට රංගනයට පමණක් නොව නිවේදනයටද නර්ථනයටද හැකියාවක් ඇති අයෙක්. ඒ කෙසේ වුණත් යුරේනි කියන්නේ තමාගේ ගමන පාඩුවේ යන කලා ශිල්පිනියක්. මේ වන විට ඇය සිය ජිවිතේ විදින අයුරු සමාජ මාධ්‍ය තුළින්ද සමාජයට බෙදා හැර අවසන්.