‘මට ඕන පපුවට හොඳට දැනෙන ආදරයක්’ ජනප්‍රිය ගායිකා කාංචනා කියන කතාව

උදුරාවි කියන්නේ කාලයක් කවුරුවත් අතර ජනප්‍රිය වුන ගීතයක්. කාංචනා අනුරාධි කියන්නේ ඒ ගීතයේ අයිතිකාරියයි. අවුරුදු 23 ක් වන ඇය මේ දිනවල බොහෝ දෙනාගේ ආදරේ දිනාගත්ත ගායිකාවක් එනවා. ඉතින් මේ සූදානම අද ඇය ගැන කතා කරන්නයි. උදුරාවි වගේම මේ දිනවල ඇගේ ප්‍රසිද්ධ ගීතයක් විදිහට ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ ‘හදිසිද මන්දා ගීතය’. ඉතින් මේ දිනවල ඒ ගිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ”මම නොහිතපු විදියට මට මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේකේ වචන අදහස් ටිකක් ගැඹුරු වුණත් ගොඩක් අය එක සරලව තේරුම් ගන්න පෙළඹිලා තියෙනවා.

සමහරු එයාලගේ අත්දැකීම් මේ ගීතය සමග සසඳලා තියෙනවා. ඉතින් මේ ගැන තියෙන්නේ මට නිහතමානී සතුටක්. සංගීතය කියන දේ ඇතුළේ මම ඉහළට ගිය අවස්ථා වගේම පහළට වැටුණ අවස්ථාද තියෙනවා. එහෙම තත්වයකදී මේ වගේ ජනප්‍රියත්වයක් හිමි වීම ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්. මේ ගීතය වීඩියෝවට පෙනී සිටින්නේ මමමයි.

සුන්දරත්වයෙන් අඩුවක් නැති කාංචනා මිහිරි කට හඬකට ද හිමිකම් කියද්දී ඇය මේ වෙනවිට ආදරවන්තයක්ද යන්න අපි අසා සිටියා., ”මේ වෙද්දි මට ආදර යෝජනා නම් ගොඩක් ලැබෙනවා. හැබැයි මම හිතන්න ආදරය කියන්නෙ හදවතට දැනෙන්න ඕනි දෙයක්. ඒ කොහොම වුණත් මගේ පපුවට දැනෙන ආදරයක් මට තවම හම්බවෙලා නෑ. එහෙම දැනුන ආදර යෝජනාවකුත් ලැබිලා නැහැ.”

කාංචනාට නාට්‍යවලට ආරාධනා ලැබිලා නැද්ද, ”හදිසිද මන්දා ගීතයේ විඩියෝවට පෙනී සිටීමත් එක්ක මට නාට්‍යවලට ආරාධනා කිහිපයක්ම ලැබුණා. මම මගේ සංගීත ගමට හානියක් නොවෙන විදිහට මට ගැළපෙන චරිත වලට ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද එක පාරක් හරි ඒ අත්දැකීම් මගේ ජීවිතේට එකතු කරගන්න මම ආසයි. දැනෙනා තුරු මා ගීතයත් එක්ක හිතට දැනෙන චරිත කිහිපයකට ආරාධනා ලැබුණත් මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ඒ චරිතවලට සම්බන්ධ වෙන්න අවස්ථාව නැති වුණා.”

ඔබේ දිගු වරලස ගැන කතා කළොත්, ”පුංචි කාලේ කොල්ලෙක් වගේ කොන්ඩේ කොටට කපලා හිටියේ.මං කොන්ඩෙ වවන්න පටන් ගත්තේ 9-10 වසර වලදි. මේ වෙද්දි මගේ කොණ්ඩය දනිසෙන් ටිකක් පහලට විතර තියනවා. මම කොන්ඩේ වවන්න පටන් අරන් දැන් අවුරුදු දහයකට වඩා වැඩියි. ගොඩක් අය අද මගේ කොණ්ඩේ ගැන කතා වෙනවා.”

ඔබේ වෘත්තිමය සංගීත ගමන ආරම්භ කරපු විදිය ගැන කතා කළොත්, ”මම හැම වෙලාවකම මම කරන වැඩේ හරි විදිහට සාර්ථකව කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසාම මට විවිධ අවස්ථා ලැබිලා වගේම විවිධ අවස්ථා මගහැරිලා තියෙනවා. ඒ වගේ අවස්ථා තියෙද්දී මේ වගේ ජනප්‍රියත්වයක් හිමි වීම ගැන මට නිහතමානි ආඩම්බරයකුත් තියෙනවා. මගේ පවුලේ අය මට සෑහෙන්න උදව් කරනවා. කොච්චර ඉදිරියට ගියත් මම තවමත් ජීවිතේ සමහර දේවල් කරන්න උපදෙස් ගන්නේ මගේ අම්මගෙන්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *