Sat. Jun 25th, 2022

අපේ තරුණ තරුණියන්ගේ සිහින කුමරිය තමයි ශලනි තාරකා කියන්නේ. සිරස කුමරිය විදියට කිරුළු පැලඳ රංගනයට පය තබපු ශලනි මේ වනවිට ලංකාවේ හොඳම සහ ජනප්‍රියම රංගන ශිල්පිනිය විදියට කිරුළු පළඳින්න සමත් වුනා, කාලෙන් කාලෙන් පුවත් මවන චරිතයක් වන ශලනි එක්කයි අද අපේ කතාබහ, ශලනි මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල සිරස නාලිකාවේ විකාශනය වෙන කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ රූගතකිරීම් වලට සම්බන්ද වෙලා ඉන්නවා, ඒ වගේම තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඒවත් කරගෙන නිදහසේ ඉන්නවා”

ශලනි කියන්නේ දැන් ගොඩක් ජනප්‍රිය චරිතයක් ඉතින් ඔබ ඔබට ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නවද ”මෙහෙමයි මම ලැබෙන හැම චරිතයක්ම බාරගන්න නිලියක් නෙවෙයි, ඇත්තටම මට දින තියෙන විදියට තමා මම භාර ගන්නේ, මම සමහර නිර්මාණ බැහැ කියනවා, හැබැයි එහෙම බැහැ කියලා කරපු නිර්මාණයකට තමයි මට වැඩිපුරම ජනප්‍රිය වුනේ,”

ශලනි ආදරය දකින්නේ කොහොමද ”මේ කාලයේ ආදරේ ගැන හිතන්න මට ටයිම් එකක් නෑ, ආදරය කියන්නේ වෙනමම දෙයක්, ඒ දේ හරියටම අවංකව කරන්න ඕන, ආදරය කියන්නේ පරිත්‍යාගයක්, අපි ආදරය කරන කෙනා එකිනෙකා අතර අවබෝධය අවංකකම තියෙනවා නම් ඒ ආදරය රඳා පවතිනවා. බොරුවට ආදරෙයි කියලා වැඩක් නෑ ඒකට අවංක වෙන්න ඕන”

ශලනි දැන් විවාහ වෙන්න කලේ හරි නේ, හැමදාම තනියම ඉන්නද හිතාගෙන ඉන්නේ ”ඔව් කාලෙනම් හරි විවාහ වෙන්න ඕන, හැබැයි මම වයසට යනවා කියලා ඉක්මනට විවාහ වෙන්න ඒ වගේම මම කැමති නැහැ කසාද බැඳලා ඩිවෝස් වෙන්න. මට ඕන දිකසාද වෙන්නේ නැති අන්තිම තත්පරේ දක්වා මගෙත් එක්ක ඉන්න ආදරයක්. මේ මගේ ජීවිතේ නිසා හරිම කෙනා ලැබුණොත් බඳියි. නැත්නම් නොබැඳ ඉඳියි. ඒ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. මොකටද ඒවා ගැන ඕනෑවට වඩා හිතලා හිත කලබල කරගන්නේ”