‘මට ඒ වෙලාවේ එකපාරටම ඇක්සලේට් වුනා’ හැමෝම ආදරේ කරන චානු කියන කතාව

සිරස නාලිකාවේ නාලිකාවේ විකාශනය වුන පෙන්ටර්තලන් හරහා ජනප්‍රිය වුණ ඇය චානු දිසානායක. සිරස නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ද වන ඇය වෘත්තීය ලෙස කරන්නේ මහරාජා සමුහය සතු ඒ.එෆ් ජෝන්ස් ආයතනයේ තේ රස බලන අංශයේ කළමනාකාරිත්වය දැරීමයි. කෙසේ වෙතත් ඇය සිනමාවට ද මේ වන විට පය තබා අවසන්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්නයි.

ඔබ ආව ගමන ගැන කිව්වොත්, ”මගේ ගම මාතර මම උසස් අධ්‍යාපනය සඳහා ආවේ කොළඹ සරසවියට. උපාධිය ලබා ගැනීමෙන් පසුව සිරස තිර පරීක්ෂණයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ මාව රැකියාවට බඳවා ගත්තා. අනතුරුව මම සිරස පෙන්ටර්තලන් වැඩසටහන ඉදිරිපත් කළා. ඒ විදියට තමයි මම මගේ ගමන ආරම්භ කළේ.

යූ ටර්න් චිත්‍රපටය ගැන මතක් කළොත්, ”වේදිකා වල රඟපාලා තිබුණත් මම සිනමාවේ රඟපාලා තිබුණේ නැහැ. හැබැයි මගේ වාසනාවට මට හිමි වුන චරිතය ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට රඟපාන එක. මේක බොහොම සරල චරිතයක් වගේ පෙනුනට ඇත්තටම සරල චරිතයක් නෙවෙයි. ගොඩක් අය මේ තිර පරීක්ෂණයට පෙනී සිටියා. ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නේ තිරය ඉස්සරහට ගිහින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන එකම නෙවෙයි. මේ චරිතය කරන්න මට ගොඩක් අත්දැකීම් ගන්න සිද්ධ වුණා. මිනිසුන් සමග ගැටෙන්න වුණා. අලුත් අලුත් තොරතුරු හොයාගන්න වුණා. ඒ කොහොම වුණත් ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක මේ වගේ චරිතය රඟපාන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මගේ ජීවිතයේ හැරවුම් යු ටර්න් කීවොත් හරි.”

චානුට මේ චරිතය එක්ක අපූරු සිදුවීම්වලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා නේද, ”ඒ ගැනත් අපි මතක් කරමු,ඇත්තටම ඔව් මට මෝටර් සයිකල් පදින්න තිබුනත් හැබැයි මීට කලින් මම මෝට සයිකල් පැදපු කෙනෙක් නෙවෙයි. තාත්තා මට ඒ දේවල් පුහුණු පුරුදු කළා. කොහොම හරි එක දවසට චිත්‍රපටය රූගත කිරීම් වලදී බයික් එකේ යූ ටර්න් එකක් ගන්න තිබුණා. ඒ වෙලාවෙදි මට වැරදිලා බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටර් එක ඇල්ලුනා. එදා අපේ ටීම් එක තමා මාව බේරගත්තේ. නැත්නම් මම පාලමෙන් පහළට වැටෙන්න ඉඩ තිබුණා. එහෙම වැටුන නම් ලොකු අනතුරක් පවා සිද්ධ වෙන්න තිබුනා. තව අමතක නොවන සිදුවීම් තමා වැසි දවස් වලටත් මේ චිත්‍රපටය රූගත කෙරුණා.”

ඔබ ආදරේ ගැන කතා කළොත්, ”ආදරය කියන දේ අපි ලඟමයි තියෙන්නේ. අපි තව කෙනෙකුගේ ජීවිතයට දෙන ආදරය දෙන වටිනාකම අනුවයි ඒ දේවල් අපිට අපිට ලැබෙනවා. අපි කෙනෙකුට ගරු කරනවා නම් අපිට ඒ ගෞරවය ලැබෙනවා.ආදරේ කියන්නේ අන්න ඒ දේට .අපි දෙන විදිහට අපිට ලැබෙනවා.”

ජිවිතය කියන දේ දැනෙන්නෙ කොහොමද චානු ට, ”ජීවිතය කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් යන ගමනක්, සුන්දර අසුන්දර දෙකම තියෙනවා ඒ ගමන තුළ. අපිට මැරෙනකම්ම මේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. මම හිතන්නේ නිවනින් මේ ගමන ඉවර කරගන්න ලැබුනොත් ඒක ලොකු වාසනාවක්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *