Tue. May 17th, 2022

සමනලී ෆොන්සේකා කියන්නේ කවුරුත් දන්න හදුනන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය කලාවට දක්ෂ නිසාම අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇගේ පවුල් ජීවිතේ ගැන. කොහොමද විවාහ ජීවිතේ ගෙවෙන්නේ, මම ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම පවුල් ජීවිතේ සතුටින් ගත කරන්න අපි දෙන්නා හොඳ තේරුම් ගැනීමකින් ඉන්නවා. පොඩි පොඩි රණ්ඩු ඇති වෙනවා. හැබැයි ඒ දේවල් ඉක්මනින් නැතිවෙලා යනවා. ආදරේ ප්‍රකාශ කිරීමේදී මට වඩා එයා දක්ෂයි ආදරේ ප්‍රකාශ කරන්න.

දෙන්නා රංඩු වුණහම මුලින්ම කතා කරන්නේ කවුද, ”අපි දෙන්නා කවුරු රණ්ඩු කලත් අපි දෙන්නාගේ තරහා තියෙන්නේ උපරිම පැය දෙකයි. ඒ වෙලාවට මම තමයි එයා ලඟට යන්නේ. එහෙම ගියහම ආයිත් අපි දෙන්නා සුපුරුදු ආදරයෙන් ඉන්නවා. මම හිතන්නේ ඕනම පවුල් ජීවිතේක මේ වගේ දේවල් ඇතිවෙනවා. හැබැයි වයසින් පරිණත වෙන්නත් එක්ක ගොඩක් දේවල් තේරුම් යනවා. අපි දැන් පුංචි රණ්ඩුවක් වත් පැයකටවත් ගෙනියන්නෙ නැහැ. එකම සිදුවීම බොරුවට ඇදගෙන යන්න අපට ඕන කමක් නැහැ. රණ්ඩු ඇති වුණා කියලා සැමියට බිරිඳවත් බිරිඳට සැමියාවත් දාලා යන්න බැහැනේ.”

අපි ඔබට ආදරේ කරන්නේ මොන විශේෂ ගුණාංගයටද, ”ඒක නම් මම හරියටම කියන්න දන්නෙ නැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා අපි දෙන්නා හමු වුණේ අදක ඊයෙක නෙවෙයි. උසස් පෙළ කාලේ ඉඳන්ම අපි හොඳ යාළුවෝ. හැබැයි ඒ කාලේ අපේ හිත් වල අතර තිබුණේ නෑ. මම කසාද බැදලා දික්කසාද වුනාට පස්සේ තමා මට ආයිත් චාපි මුණගැහෙන්නේ. මම හිතන්නේ එයාගේ හිතේ එදා ඉදන්ම අප්‍රකාශිත ආදරයක් තියෙන්න ඇති.”

ඔබ ජීවිතය දිහා දකින විදිහ වෙනස් නිසාම චාපි මෙතරම් ඔබටආදරය කරනවා වෙන්න ඇති නේද, ”අපි දෙන්නා තවමත් අපි දෙන්නම හොයාගෙන යන දෙන්නෙක්. අපි දෙන්නා අපි දෙන්නට පුළුවන් විදිහට ජීවිතේ විඳිනවා. අපි දෙන්නම කලාකාරයෝ. අපේ ජීවිත තුළ ප්‍රශ්න තිබුණත් අපි ප්‍රශ්න නෑ වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. අපි ප්‍රශ්න කියන දේවල් ගැන හිතන්නේ ඉතාම අඩුවෙන්. අපි දෙන්න මේ ලැබුන ජීවිතය විඳින්න කැමතියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *