Tue. May 17th, 2022

දිනිති වල්ගමගේ ගේ කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්. ගුවන් සේවිකාවක ලෙස රැකියාවේ නිරතවන ඇය මේ වනවිට ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතර ඉන්න රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම පය තැබුවේ පුංචි තිරය හරහා පසුව ඇය රිදී තිරයට සම්බන්ද වෙනවා. ඉතින් අපි හිතුවා දිනිති එක්ක ටිකක් කතා කරන්න. දිනිති මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල පුරුදු විදියටම ටිකක් කාර්ය බහුලයි. බාරගත්ත වැඩ කිහිපයක්ම තියෙනවා. ඒවත් කරනගමන් මගේ පුද්ගලික ජීවිතය තුලත් තියෙන වගකීම් ගැන අවධානය දීගෙන ඉන්නවා”

ඔබ දැන් රංගන ශිල්පිනියක් විදියට කාර්යබහුලයි ඉතින් ඔබ ඔබේ රැකියාවෙන් ඉවත්වෙනවද ”මොන තරම් වැඩ තිබ්බත් මම ගුවන් සේවයෙන් ඉවත්වෙන්නේ නෑ මම ඒ දෙකම සමබරව කරගෙන යනවා. මට ඕන තරම් මහන්සි වෙලා වැඩක් අරන්න පුළුවන්. අපි අපේ ටාගට් වලට යනවනම් මහන්සි වෙලා වැඩ කරන්න ඉගන ගන්න ඕන එතකොට තමයි සාර්ථක වෙන්න පුළුවන්.”

දිනිත් විසින් රංගනයෙන් දායක වන සිනමාපටයක් පසුගිය දිනක එළිදැක්වූවා. ඉතින් ඒ වෙලාවේ දිනිති මාද්‍යට අදහස් දැක්වුවේ මේ විදියට ”මම එද්දී කට්ටිය හිනාවෙනවා ඇහෙනවා මට. අනේ ආවා කියලා. මට ඇහෙනවා. ඒකනේ අපි බලාපොරොත්තු වෙන්නෙ. මම එනකන් කෙනෙක් බලන් ඉන්නවා කියන්නෙ ස්ක්‍රීන් එකේ. ඒක මට මාර සතුටුයි. මම මගේ ෆිල්ම් එක ගැන පුන පුනා කියනවට වඩා ඇවිත් බලන්න. බලලා අපිට කියන්න.” කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *