මට ආසයි ආරුඪ වෙන්න – ඉස්කෝලේ නාට්‍යයේ ආලෝකා ටීච කියන කතාව

මේ දවස්වල හැමෝම ගොඩක්ම ආසාවෙන් නරඹන කාගේත් ආදරේ දිනාගත්ත ටෙලිනාට්‍යක් තමයි ඉස්කෝලේ කියන්නේ, ඉතින් අද අපේ කතාබහට එකතු වෙන්නේ ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ ආලෝකා ටීච, ආලෝකා ටීචගේ චරිතයට පන පොවන්නේ ජනප්‍රිය රංගශිල්පිනියක වන නදුනි කරුණාතිලක විසින්, ඉතින් නදුනි කොහොමද මේ දවස්වල ”මේ දවස්වල ඉතින් දිගටම ෂූටින් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ලොකු කැපකිරීමක් කරගෙන තමයි ඒ දේවල් වලට සම්බන්ද වෙන්නේ, මොන ප්‍රශ්න තිබ්බත් ඉතින් බාරගත්ත වැඩ කරන්න ඕන නේ,”

නදුනි කියන්නේ ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් රංගන ශිල්පිනියක්ද..? ”අනිවාර්යෙන්ම, මට කරන්න පුළුවන්, මට ඒ චරිතයට සාදාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙනවනම් මම ඒ චරිතය අනිවාර්යෙන්ම බාරගන්නවා, ඒ චරිතය කළු චරිතයක් හෝ සුදු චරිතයක් වේවා ඕනෑම එකක් මම බාරගන්නවා, මොකද එක රාවමුකට කොටුවෙලා රඟපාන්න මම කැමති නෑ, මට ඕන චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න, ඉතින් අභියෝගයක් තියෙන චරිත කරන්න මම ආසයි ඒක නිසා මගේ හැකියාවත් වර්ධනය වෙනවා කියලා මම හිතනවා”

මෙච්චර කාලයකට ලැබිලා නැති ඒත කරන්න ආස චරිත මොනවද..? ”මට ගොඩක්ම ලැබෙන්නේ දුප්පත් ගැමි චරිත ඉතින් මම ආසයි ආරුඪ වෙන්න, ඉතින් ඒ වගේ චරිතයක් ලැබුනොත් මම ආසාවෙන් බාරගන්නවා, ඒ වගේම මන්ද මානසික චරිතයක් කරන්නත් ආසයි. මම නිතරම උත්සහ කරන්නේ වෙනස් දෙයක් කරන්න ඉතින් ඒ වගේ අභියෝගයක් තියෙන චරිත මම එකපයින් බාරගන්නවා,”

Related Posts

Leave a Reply

Your email address will not be published.