‘මට ආරූඪවෙන්න කියලා දුන්නේ සුගත් අයියා’ ජනප්‍රිය නිලි සුමුදු කියන කතාව

2009 මිස් ශ්‍රි ලංකා තරඟයත් සමග කලාවට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක්. 2018 වසරේදී විවාහක රූ රැජින ලෙස කිරුළ ලබන්නේ ඇයයි. මේ වන විට ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වී හමාරයි. නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසුණා කලාව කියන දේ ඇතුළේ ඇය රංගන ශිල්පිනියක්. ඉතින් මේ සූදානම ඇයි ගැන කතා කරන්නයි. නමින් සුමුදු ප්‍රසිදිනි. රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වූ මුල් කාලයේ ඇයව නිරන්තරයෙන් දැකිය හැකි චරිතයක් වුවත් මේ වන විට ඇයව දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. සුළු සුළු චරිත ඉදිරිපත් කරපු ඇය ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිතවලට මේ වන විට හිමි කම් කියනවා. බොහෝ දෙනෙක් ඈ ගැන ඈ ගැන කතා කරන්න ගත්තේ මායාරාජිනි ටෙලිනාට්‍යය හරහා.

සුමුදු කොහොමද මායාරාජිනි ටෙලි නාට්‍යයේ චරිත අභියෝගය භාරගත්තේ, ”ඇත්තෙන්ම මට ඒ චරිතය ලොකු අභියෝගයක් වුණා. මොකද මේක වෙනස් විදිහේ චරිතයක්. පිටපත මගේ අතට ලැබිලා පිටපත කියෙව්වහම චරිතය ගැන ලොකු ආසාවක් ඇති වුණේ නෑ කිව්වොත් බොරු. නිතර දකින රැල්ලේ කතා වලට වැඩිය මේක වෙනස් නිසාම මම මේ චරිතයට ලොකු උනන්දුවක් දැක්වුවා. මේ චරිතය රඟපාද්දි මට රංගනය ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසාම මම බය වුණා. හැබැයි මම රඟපාන කොට හැමෝම කිව්ව හොඳට කරා කියලා. ඉතින් ඒ නිසාම මගේ මගේ බය නැති වුණා. මම ගොඩක් සතුටු වුණා.”

ජීවිතයට අලුත් අත්දැකීම් පවා දර්ශන කිරීමේදී ලැබෙන්න ඇති නේද, ”ඒ ගැනත් මතක් කළොත් ,ඔව් ලස්සන මතක එකතුවුනා ජීවිතයට ඒ චරිතය තුළින්. මට දේව ආරූඪයෙන් මායම් වෙන්නේ කියලා දුන්නේ සුගත් අයියා.මට අමාරුම කාර්යය වුණේ බයිසිකල් පදින එක. මොකද හදිස්සියියකට මට බයිසිකලෙන් නතර කර ගන්නවත් බැහැ. ⁣ගොඩක් වෙලාවට කවුරු හරි නතර කරන්න ඕනේ.නැත්තම් මම කඩාගෙන බිඳගෙන යනවා. වැටිලත් තියෙනවා. ඔය දේවල් තමා සුන්දර මතක සුන්දර අත්දැකීම්.”

දිගටම රංගන කටයුතුවල නිරත වෙන්නද සුමුදු බලාපොරොත්තු වෙන්නේ, ”මම ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා චිත්‍රපටයක රඟපාන්න. ඒ වෙද්දි ආරාධනා කීපයක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. බලමු ඉදිරියට, කොහොම උනත් මම ගොඩක් කාර්යබහුල වෙලා ජීවිතය ගත කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මොනදේ උනත් මම ජීවිතයේ මුල් තැන දෙන්නේ මගේ පවුලට. මම බිරිඳක් මම මවක් යන තැන ඉඳලමයි ජීවිතය තුළ මම යම් යම් කාර්යන් වලට සම්බන්ධ වෙන්නේ. ප්‍රසිද්ධිය ලුහුබඳින කෙනෙක් නෙවෙයි මම. මොකද ප්‍රසිද්ධිය පස්සේ යන ගොඩක් අයගේ පවුල් ජීවිත සාර්ථක වෙලා නැහැ. මම බොහොම සරල කෙනෙක් නිසාම මම පවුල් ජීවිතය තුළ සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා .

රංගනය තුළ ස්වාමියා ගෙන් ලැබෙන සහයෝගය කොහොමද, ”මට වඩා මගේ රංගන කටයුතු ගැන සැලකිලිමත් වෙන්නේ මගේ සැමියා. මගේ සැමියාගේ පවුලෙන්, මගේ පවුලත් ලොකු සහයෝගයක් මට රංගන ජීවිතයට ලැබෙනවා. ගොඩක් වෙලාවට මගේ පුතා ව බලාගන්නේ එයාලා තමයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *