මට ආදරේ ගොඩක් ඕන, ඒ නිසා මම හෙට කොල්ලෙක් එක්ක යාලුවෙයිද දන්නේ නෑ – ළඟදී විවාහයට සමු දුන්න රයිනි චාරුකා

ගායන ශිල්පිනියක විදියට වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ සුන්දර ගායන ශිල්පිනියක් තමයි රයිනි චාරුකා ගුණතිලක කියන්නේ, මවුපිය උරුමයෙන් ලැබුණු සංගීත කලාව හරහා දුර ගමනක් ඇවිත් තියෙන රයිනි සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ. රයිනි මොකද වෙන්නේ මේ දවස්වල..? ”මේ දවස්වල ‘කළුවරට හිත බය හින්දා’ රූප රචනාවේ දෙවන කොටසට සුදානම් වෙනවා, ඒක එන්නේ සීරිස් එකක් විදියට, ලබන ජනවාරි වෙද්දී අනිත් කොටස එළිදක්වන්න හිතාගෙන ඉන්නවා, ඕවා තමයි අලුත් වැඩ”

රයිනි දැන් හැම දෙයකින්ම වෙනස්වෙලා නේද..? ”ඔව් මට වයස 16-17 වගේ වෙද්දී මට මගේ ජීවිතේ ගොඩක් දේවල් කරන්න ඉලක්ක තිබ්බා, ඉතින් ඒ දේවල් වලට යන්න මට ලොකු උනන්දුවක් කැපවීමක් තිබ්බා, හැබැයි මට වයස අවුරුදු 18දී මම ආදර සම්බන්දයකට යොමුවුනා, හැබැයි ඒ දේවල් මටත් දැනෙන්නේ නැතුවම මගෙන් ඈත් වුනා, ඒ දේවල් නිසා මම මොටිවෙට් වුනා, දැන් මම මගේ ගෝල් එකකට යන්න තමයි උත්සහ කරන්නේ, ඒ මොටිවේෂන් එක නිසා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ, ඉතින් මට ගොඩක් සතුටුයි මගේ උත්සාහය ගැන”

රයිනි ජීවිතේ දිහා ආයේ හැරිලා බලද්දී මොකද හිතෙන්නේ.? ”මට මගේ ජීවිතේ ගැන කිසිම කලකිරීමක් නෑ, කිසිම පසුතැවීමක් නෑ, මම ගෙවපු ජීවිතේ ගැන මම ගොඩක් දේවල් ඉගන ගත්තා, කොහොමත් මම ඉස්සර ඉඳන්ම ස්වාධීන කෙනෙක්, මම දැන් දන්නවා මට මොනවද ඕන මොනවද එපා කියන එක මම දැන් දන්නවා, මගේ විවාහය දැන් නෑ, හැබැයි මේ ළඟදී කෙනෙක් අහලා තිබ්බා ඔයාම කියලා තියෙනවා එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා හැබැයි දැන් ඇයි ඔයා එයාව දාලා ආවේ කියලා, ඒක මෙහෙමයි අපි හැමෝගෙම හොඳ දේවල් තියෙනවා, අපරාදයක් කරපු කෙනෙක් වුනත් එයාගේ අම්මට තාත්තට පව්වුලට හොඳට සලකන කෙනෙක් වෙන්න පුළුවන්, අකිල කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්, ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවත් කියාවි එයා හොඳ කෙනෙක් කියලා, හැබැයි අපි දෙන්නා දෙවිදියකට ගලපාගෙන තමයි මෙච්චර දුරක් ආවේ, ඉතින් අපි දෙන්නා ගොඩක් කල්පනා කරලා තමයි මේ තීරණය ගත්තේ එයාගේ බෑන්ඩ් එකත් එක්ක මම වැඩ කරනවා, අපි අතර අමනාපයක් නෑ, අකිලගෙන් වෙන්වෙද්දි මම කිවුවේ ඔයාටත් හරිම කෙනා හම්බුනාම ජීවිතේ කොයි තරම් සතුටින් ගත කරන්න පුළුවන් ද කියන එක තේරෙයි කියලා.”

දැන් රයිනි ආයෙමත් විවාහ වෙන්නේ නැද්ද..? ”කවුද එහෙම කියන්නේ මම නම් එහෙම කියන්නේ නෑ, හැබැයි මම තවම එහෙම හිතලා නෑ, මම හිතනවා මට හොඳ මටත් හොඳ කෙනෙක් හම්බවේවි කියලා මම හිතනවා, මට ආදරේ ගොඩක් ඕන මම ආදරේට ගොඩක් ලෝබ කාන්තාවක්, හැබැයි මම අලුත් සම්බන්දයක් ගැන කතා කරන්න තාම රේඩි නෑ, මට දැන් ඕන ටිකක් නිදහසේ ඉන්න, හැබැයි ඉතින් හෙට වෙද්දී මගේ හිත වෙනස් වෙයිද දන්නේ නෑ, මොකද ආදරයක් හිතට එන්නේ කලින් කියලා නෙවෙයි නේ, ඉතින් මම හෙට ආයේ කොල්ලෙක් එක්ක යාලුවෙන්න බැරි නෑ,”

Related Posts