පසුගිය දිනක විකාශනය අවසන්වුන ‘චලෝ’ ටෙලිනාට්‍ය ලංකාවේ අතිශය ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත අපූරු රංගන ශිල්පිනියක් ගැනයි අද අපි කතා කරන්න සූදානම් වෙනෙන්, ඇය තමයි චලෝ නාට්‍යයේ ‘හංසි’ ඉතින් මෙම නාට්‍යයේ හංසි කියන පාපන්දු ක්‍රීඩිකාවගේ චරිතයට පන පෙව්වේ දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවක්වන ප්‍රවීනා මධුකි පෙරේරා විසින්,
ප්‍රවීනා ප්‍රේක්ෂකයන් අතරට මුලින්ම එන්නෙ ‘චලෝ’ නාට්‍යයෙන් දැන් මේ නාට්‍යය විකාශනය අවන්වෙලා ඉතින් කොහොමද ‘හංසි’ කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර ”මම චලෝ එක්ක සම්බන්ද වෙන්න කලින් හැමෝම මාව දන්නේ පාපන්දු ක්‍රීඩිකාවක් කියලා, ඒත් චලෝ නාට්‍යයේ හංසි කියන චරිතය නිසා මට ඉක්මනට ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වුනා දැන් මම පාරෙදි දැක්කත් ටක්ගාලා අඳුරගන්නවා චලෝ එකෙ හංසිනෙ කියලා, ඉතින් මට මගේ පළමු රංගනයට ම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ආඩම්බරයි ඒ ගැන”
අලුත් නිර්මාණයකට සම්බන්ද වෙන්න සුදානමින්ද ඉන්නේ ”ඔව් ආරාධනා කිහිපයක්ම ආවා, ඒත් මම මූලිකත්වය දෙන්නේ ක්‍රීඩාවට, මොකද පහුගිය දවස්වල ෂූටින් නිසා මට ගොඩක් දේවල් මිස් උනා ඉස්සරහට තරගාවලි කිහිපයක් තියෙන නිසා එතනට මූලිකත්වය දෙන්න හිතුවා. හැබැයි මම කලාව අතහරින්නේ නෑ. තරගාවලි කිහිපය ඉවර වුනාම ආයේ නිර්මාණයකට සම්බන්ද වෙන්න හිතාගෙන ඉන්නවා”
ආදර ජවනිකා ඔබට අලුත්ම අත්දැකීමක් වුණා කියලා ඔබ මුහුණ පොතට එක් කරලා තිබ්බා, ඇත්තද ඒක ”ඔව් මට ආදරේ ගැන අත්දැකීම් නෑ ඉතින් එහෙම අත්දැකීම් නැතුව ඒ චරිතය හරියට කරන්න බැරිවෙයි කියලා හිතුනා, මට තිබ්බේ මගේ partner බුල්ටෝට ආදරය කරන්න. ඉතින් මේ චරිතය සාර්ථක කරගන්න උදවු උනේ අධ්යක්ෂ හසුන් අයියා එයා තමයි මාව ඒ කතාවේ ප්‍රේමවන්තිය කියන චරිතයට ලස්සනට හැදුවෙ.”