Tue. May 17th, 2022

චමුදිත සමරවික්‍රම කියන්නේ මෙරට ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්. මේ දිනවල බොහෝ දෙනා ඔහු ගැන කතා කරන්නේ ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයත් සමඟ. ඉතින් අපිත් හිතුවා ඔහු සමඟ කතා කරන්න.මේ දිනවල ඔබේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ පොලිස් පරීක්ෂණවල තත්වය කොහොමද, මගේ පැත්තෙන් පරීක්ෂණ වලට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම ලබා දීලා තියෙන්නේ. පරීක්ෂණ කණ්ඩායම් ගෙදරට ඇවිල්ලත් පරීක්ෂණ කලා. මේ වන විට පරීක්ෂණ කණ්ඩායම් නමයක් පරීක්ෂණය සඳහා යොමු වී ඇති බවයි මට ආරංචි වුණේ. ලංකා ඉතිහාසයේ මෙවැනි මාධ්‍ය වේදීන්ට එල්ල වූ ප්‍රහාර ගැන අතිතයේ පවා අහන්න දකින්න ලැබුණා. හැබැයි ඔවුන්ගේ තීන්දු අදටත් ලැබී නැහැ. ඒ ප්‍රහාර වලට සම්බන්ධ වූවන්ට දඬුවම් ලැබිලා නැහැ. මම බලාගෙන ඉන්නේ මේ පරීක්ෂණයට මොකද වෙන්නේ කියලා. ඇත්තටම දැන් මේකෙ වගකීම තියෙන්නේ ආණ්ඩුව සතුව. අපි බලාගෙන ඉන්නවා.

ඔබට මේ සිද්ධියට සැක කටයුතු කෙනෙක් ඉන්නවද, මම හිරු නාලිකාව ඔස්සේ මේ රටට අනාවරණය කළේ රටේ ජනතාවගේ ප්‍රශ්න. මම රටේ ජනාධිපති වරයාගේ පටන් රටේ ජීවත්වන පහලම මනුස්සයා වෙනකම් සාධාරණ විදිහට කතා කරපු මාධ්‍යවේදියෙක්. මම කිසිම වැඩසටහනක පෞද්ගලිකව කාටවත් ප්‍රහාර එල්ල කරලා නැහැ. මම සාක්ෂි ඇතුව තමා කෙනෙකුට විවේචන එල්ල කළේ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මම හැමෝගෙන්ම ප්‍රශ්න කළේ සමාජයේ පවතින ගැටලු. ඒ නිසාම ඉතින් මට තරහකාරයෝ ඇති වුණා. අන්න එහෙමය අය පිළිබඳව යම් සැකයක් මගේ හිතේ තියෙනවා. හැබැයි මම ඒවා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. බලමු පරීක්ෂණ වලින් ගොඩක් දේවල් එළි වේවී. මගේ හිතේ තියෙන්නේ සැකයේ මගේ හිතේම තිබුනදෙන්.

මෙම අසූචි ප්‍රහාරය ඔබ විසින්ම ගහ ගත්ත එකක් බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. ඔවුන් එහෙම ප්‍රකාශ කරන්නේ ඇයි, මේ ප්‍රහාරය සිද්ධවෙලා තියෙන්නේ කාගේ හරි කීමකට. නැත්තම් රජය අපහසුතාවයට පත්කරන කවුරුහරි මේ දේ කරන්න ඕන. එහෙමත් නැත්නම් සමහරු කියනවා වගේ මමම මේ ප්‍රහාරය කරගන්න ඕන. මම එහෙම දෙයක් කරල ප්‍රසිද්ධ වෙන්නද දේශපාලන බලය ලබා ගන්නද නැතිනම් තානාපති කාර්යාලය හරහා රටකට යන්න ද, ඇය මම එහෙම කරන්නේ. මම රටක් ලෝකයක් දන්න ප්‍රසිද්ධ මාධ්‍ය වේදියෙක්. සමහරු කියනවා මට රට යන්න තමයි මම මේ දේවල් කරන්නේ කියලා. මම කියන්න කැමතියි මේ වෙද්දි මගේ පවුලට අවුරුදු පහකට ඇමරිකා යන්න විසා ලැබිලා ඉවරයි. මට ඒකට අවශ්‍ය එයාර් ටිකට් එක විතරයි. කැනඩාවට වුණත් මට වසර දහයකට යන්න පුළුවන්.හෙට උදේ ටිකට් ගත්තොත් මට හෙට වෙද්දි යන්න පුළුවන්. ඇයි මම රටින් පැනලා යන්නේ. මම කොහොමත් මේ ප්‍රශ්නය මත රටින් යන්නේ නැහැ.මම කිසිම වෙලාවක දේශපාලන රැකවරණය ඉල්ලන කෙනෙක් නෙවෙයි. මගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මම අභියෝග කරනවා මමම මේ ප්‍රහාරය කරානම් මේ පිළිබඳව තොරතුරු සමාජයට දෙන්න කියලා.

මේ සිද්ධ වුන දේ ඔබේ යුටියුබ් නාලිකාවටත් සෑහේන වාසියක් වෙලා නේද, මම කොතනකවත් ඒක එහෙම නෑ කියලා කියන්නේ නෑ. මගේ චැනල් එක ජනප්‍රිය දේවල් කතා කරන එකක් නෙවෙයි. ඒ නිසා ඒකේ ග්‍රාහකයෝ දවසින් දවස වැඩි වෙන්නේ නැහැ. කවුරුහරි කියනවා නම් මේ සිදුවීම එක්ක මගේ යූ ටියුබ් නාලිකාව ජනප්‍රිය වුණා කියලා මම ඒක පිලිගන්නවා. මම මේ ප්‍රහාරය දකින්නේ එක්තරා ආශිර්වාදයක් විදිහට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *