Tue. May 17th, 2022

කාවින්ද්‍යා දුෂානි කියන්නේ රූමත් අතින් ඉහල තැනක් ගන්න දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්න නිවේදන ශිල්පිනියක්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. ඇය මේ කේෂ්ත්‍රයට පිවිසෙන්න අහම්බෙන්. රූමත් බව නිසාද ඔබ කලාවට පිවිසෙන්නේ, ඔව් 2015ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමාරි තරඟයෙන් මම අවසන් දොළොස් දෙනා අතරට එනවා. මට රංගනයට දොර ඇරෙන්නේ ඒ ඔස්සේ. රූමත් බව නිසා රංගනයට එන්න පාර හැදුණත් රංගනය කියන කලාව තුළ ඉදිරියට යන්න දක්ෂතාවය කැපවීම උනන්දුව තියෙන්න ඕන. හිරු ටීවී අහස් මාලිගා ටෙලි නාට්‍යය නිසා තමයි මට නිවේදිකාවක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නේ.

ඔබ ලස්සනෙන් අඩුවක් නැති නිසා ම ආදර යෝජනා වලිනුත් අඩුවක් නැතුව ඇති නේද, ”ඇත්තටම ඔව් මට අවුරුදු 15 ඉඳන් තමයි ආදර යෝජනා ඉන්න පටන් ගත්තේ. ඒ කාලේ මම ගමේ තියෙන හැම අවුරුදු උත්සවයකටම සහභාගී වෙනවා අවුරුදු කුමාරි විදියට. මම පුංචි කාලේ ඉඳන් ම ගියපු හැම තරගයකින්ම ජයග්‍රහණය කරලා තියනවා.”

ඔබේ ලස්සන නිසාම කෙනෙක් ඔබට ආදරේ කරනවනම්, ”මම හිතන්නේ කෙනෙක් මගේ රූපයට හරි මම රඟපාන චරිතවලට හරි ආදරය වෙලා මට ආදරේ කරනවා නම් එතැන සැබෑ ආදරයක් නැහැ කියලා. ආදරේ කියන්නේ ආත්මීය බැඳීමක්. ඒක රූපය නිසා ඇතිවන දෙයක් නෙවෙයි. මට ඕනේ ආත්මීය ආදරයක් තියෙන ආත්මීය බැඳීමක්.”

කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් කියලා ඔබ හිතනවද, ”ඔව් මම හිතෙන ඕනම කෙනෙකුට ලස්සන කියන දේ වැදගත් කියලා. හැබැයි රූපය විතරක් ලස්සන වෙලා මදි හදවතක් ලස්සන වෙන්න ඕනෑ. ලස්සන කියන දේ එක එක අයට විවිධාකාර වෙනවා. සමහරුන්ට ලස්සන කෙනා සමහරුන්ට ලස්සන නොවෙන්න පුළුවන්. ඒක සාපේක්ෂ දෙයක්.”

සුදු වෙන්න ආසාවක් ඔබටත් තියෙනවද, ”සම සුදු කරගන්න ඕන කියන මතයේ මම නැහැ. එහෙම කරන අය ගැන අහිතකුත් මගේ හිතේ නෑ. හැබැයි මම අහල තියෙනවා සුදුවෙන්න කරන ගොඩක් දේවල් වලින් අතුරු ප්‍රතිපල ඇති වෙනවා කියලා.”

ඔබ ලස්සන වෙන්න මොකද කරන්නේ, ”මගේ ජීවිතේ අංක එක තමයි පිරිසිදුකම. ගැහැණු ලමයෙක් වුනහම නිරන්තරයෙන් පිරිසිදුව ඉන්න ඕනේ. අනිත් දේ තමය මගේ හිත සතුටින් තමයි මම හැම වෙලාවක් ම ගත කරන්නේ. ඒ නිසා මගේ හදවත ලස්සනයි. ඊට අමතරව මම නිතර වතුර බොනවා. ශරීරයට හිතකර ශරීරය සිසිල් කරන බීම වර්ග බොනවා. මම රෑට කෑම කන්නේ අඩුවෙන්. මගේ දෛනික දින චර්යාවේ කොටසක් තමයි ව්‍යායාම කරන එක. මම ව්‍යායාම් කරන්නේ ගෙදර දීමයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *