‘මගේ හොඳ හොඳ වැඩ ටිකක් ඉස්සරගට බලාගන්න පුළුවන්’ ජනප්‍රිය නිලි ෂෙහානි කියන කතාව

පුංචි තිරයේ අහිංසකාවිය විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. සුන්දර අහිංසක තරුණියක් වන ඇය නවක යොවුන් රංගන ශිල්පිනියක්. වැඩිපුර දකින්න නොලැබෙන මෙම තරුව ගැන කතා කරන්න අපි හිතුවා. නමින් ඇය ෂෙහානි කහඳවල, ඔබ ඔබට ලැබෙන නිර්මාණ වැඩිපුරම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි, මම එක දිගට වැඩ කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. උපරිම මම නිර්මාණ දෙකක් වගේ තමයි බාර ගන්නේ. අපි සේරම වැඩ බදාගෙන කරන්න ගියොත් එක වැඩක්වත් සාර්ථකව ඉවර කරන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. මම එහෙම වැඩ බදාගෙන කළොත් මට මම කරන නිර්මාණයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න බැරි වෙනවා. ඒ නිසා මම විවේකයක් අරගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ .

සිනමාව තුළ යම් පසුබෑමක් දකින්න තියෙනවද ඔබේ ඉදිරිපත් වීම තුළ, දැන් අවුරුදු දෙකකට ලං වෙන්න කාලයක් සිනමා ශාලා වහලා තියෙන්නේ. මම ආසාවෙන් බලාපොරොත්තු වුණත් අලුත් සිනමා වලට සම්බන්ධ වෙන්න ඇත්තටම එහෙම කරන්නේ කොහොමද. වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් වැඩ අතරමග නතර වෙලා. මමත් ලොකු හීනයක් දකිනවා හොඳ නිර්මාණයකින් සිනමාවට අඩිය තියන්න. මගේ නමක් හදාගන්න .

ෂෙහානි කියන්නේ හැමදාටම පුංචි තිරේ අහිංසකාවියක් විතරද, විවිධ චරිත රඟපාන්න කැමැති නැද්ද ඔබ, මම රඟපාපු හැම චරිතයකම විවිධත්වයක් මම දකිනවා. අහිංසකාවි කියන චරිතය මට නිරන්තරයෙන් ලැබෙන්නේ මගේ පෙනුම නිසා වෙන්නැති. හැබැයි ඉදිරියේදී මම කරපු විශේෂ වැඩ බලාගන්න පුළුවන්. මොකද තාම ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන් හමුවට ගිහින් නැහැ.

ශෙහානිට ආදරේ ගැන මොකද හිතෙන්නේ ”ආදරේ කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක් ඒක හැමෝටම පොදු කාරණයක්. මටත් ආදරේ ඕන අනිත් යටත් එහෙමයි හැබැයි ආදරේ කියලා බොරුවට මිනිස්සු රවට්ටන්න හොඳ නෑ. කොහොම වුනත් අවංකව ආදරේ කරනවානම් ඒක වරදක් නෙවෙයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *