Sat. May 21st, 2022

ලාංකේය සිනමාවේ ඉන්න සුරූපිනියන් අතරින් වැඩිම තරුණ ආකර්ෂණයක් දිනාගන්න සමත්වුණ සුරූපිනිය තමයි ගීතා කුමාරිසිංහ කියන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ඇයගේ සුන්දරත්වය නිසාම ජාත්‍යන්තර සිනමාවට පවා ආරාධනා ලැබුණු නිලියක් තමයි ඇය. අද අපේ කතාබහ ලංකාවේ ඉතාම ජනප්‍රිය චරිතයක් වන ගීතා සමග. ඉතින් ගීතා කුමාරිසිංහ ඇය නිලියක් වෙන්න දැකපු හීනය පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක්.

”පොඩි කාලේ ඉඳන් මට තිබුණා නළු නිළියන් ගැන ලොකු පිස්සුවක්. දවසක් අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදරට ඇවිත් හිටියා කට්ටියක් ෆිල්ම් එකක් කරන්නේ ඒ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ෆිල්ම් එකක්, මට හරිම ආසයි මේක බලන්න. ඒ දවස්වල මට වයස අවුරුදු පහක් හයක් වගේ. හොඳටම අඬලා අඬලා තමයි ගියේ ඒක බලන්න ඒ ෆිල්ම් එක තමයි ‘රන්සළු’ මා හිතන්නේ එදා තමයි මගේ මේ නිලියක් වෙන හීනයට පළමු පියවර තියන්න හිතාගත්තේ”

මුලින්ම රංගන වරම් ලබාගත්තේ කොහොමද ”ඒකනම් අහම්බයක්, දවසක් තුෂාරා කණ්ඩායම අපේ ගමට ආවා අවුරුදු කුමරිය තෝරන්න. එතනට විජය සහ මාලනී එනවා කියලා දැනගන්න ලැබුනා ඉතින් ඒ අය දකින්න ඕන නිසා මමත් ගියා එතනට. ඇත්තටම මට ඕන වුනේ අවුරුදු කුමරිය වෙන්න නෙවෙයි විජය- මාලනි වගේ අය දැක ගන්න. මම මේකට ඉදිරිපත්වෙනවට අපේ තාත්තා කැමති වුනේ නෑ. හැබැයි මම එදා වාසනාවන්ත වුනා, ඊටපස්සේ තමයි මට චිත්‍රපට දෙක තුනක්ම ලැබුනේ”

ඔබ ලංකේය සිනමාවෙන් එහාට ගිය චරිතයක් නේද? ”ඔව් මම ජපානයේ බිහිවුන හොඳම අධ්‍යක්ෂවරයාවන කිනොශිටෝ ගේ ෆිල්ම් එකක රඟපෑවා ඒ ‘අයිවදෝ අකාරෝ’ චිත්‍රපටය එකේ තේරුම ආදරය සහ වෙන්වීම, 1977 දී තමා මම මේ චිත්‍රපටයේ රඟපෑවේ, ඒ රංගනය වෙනුවෙන් මට අමරිකානු ඩොලර් 50,000ක් ලැබුනා. ඊටපස්සේ මම ඉන්දියන් ෆිල්ම් කිහිපයකුත් කළා ඒ තමයි ‘මෝහන පුන්නගේ’ කියලා. එකේ තේරුම හිනාවට වශී වී කියල මම දන්නේ නෑ මගේ හිනාවට වශී වෙනවද කියල කොහොම හරි දෙයියනේ කියලා මට ඒ ෆිල්ම් එකත් ලැබුනා, ඊටපස්සේ ඉන්දියාවේ ගොඩක් ඒවට ආරාධනා ලැබුනා විවාහ වෙන්න හිටපු නිසා මම බෑ කිවුවා, බැහැයි මට ලැබුන යෝජනා දැක්කම හිතුනා මගේ හිනාවට කට්ටිය වශීවෙනවා ඇති කයලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *