මගේ හදවත තවමත් පිරිලා – නලින් හඬවමින් විවාහ වෙලා සැමියා සමග රටගිය සේවෙතා දැන් කියන කතාව

පසුගිය කාලයේ ලංකාවේ හැමෝම කතාවුන අපූරු විවාහ උත්සවයක් තමයි ජනප්‍රිය ගායක වගේම මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ ආදරණීය දියණිය ස්වේතා මේලිගේ පෙරේරාගේ විවාහය, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ස්වෙතාගේ විවාහය ගැන, ඉතින් ස්වේතා කොහොමද අලුත් ජීවිතය, දැන් ලංකාවේ නෑ නේද..? ”ඔව් දැන් නම් ලංකාවේ නෑ, මම දැන් පදිංචි වෙලා ඉන්නේ මගේ සැමියාගේ ගෙදර, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල. අලුත් ජීවිතේ පුරුදු මදි ටික ටික හුරුවෙනවා හැබැයි මේ ජීවිතේ ගොඩක්ම සුන්දරයි වගේම හරිම ආදරනීයි”

ඔයාලා ආදරේ කලේ රටවල් දෙකක ඉඳන් නේද..? ”ඔව් හැබැයි ඒ ආදරේ ලේසි නෑ, දෙපැත්තෙන්ම ලොකු කැපකිරීමක් කරන්න ඕන, අපි දෙන්නම හිතන්නේ එකම විදියට, මම එයාට අවදානය දෙනවා වගේම එයත් මට අවදානය දෙනවා, ඒ වගේම මට දැනෙන විදියට එයා මට ගොඩක්ම ආදරෙයි, රටවල් දෙකක හිටියට අපි අපේ ජීවිතේ වෙන හැම දෙයක්ම ශෙයා කරගන්නවා, අපි කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් එහෙමයි, කොහොමත් ඒ කාලයේ අපි දෙන්නට දෙන්නා දකිනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ”

ස්වෙතගේ අම්මා ගැන කතා නොකරම බෑ, ”මගේ අම්මා තමයි අපි හැමෝටම හැම දේකකටම උපදෙස් දෙන්නේ, අපි තුන්දෙනාටම හරියට වැඩක් වෙන්නේ නෑ අම්මා නැත්නම්. අම්මා තමයි පිලිවලට හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ, නිත්ගෙයි මගෙයි ආදරේ පටන් ගත්ත දා ඉඳන් අපි දෙන්නට හොඳින් ඉන්න උපදෙස් දුන්නා. ඒ වගේම දැනුත් අපි දෙන්නා ගැන එයා ගොඩක් හොයලා බලනවා ඒ ආදරේනම් පුදුමයි”

මේ වනවිට ගොඩක් සුන්දර යුගදිවියක් ගත කරන ස්වේතා පසුගිය දවසක අපූරු සටහනක් ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා, ඒ තමයි ”04.08.2022 was! my heart is still SO FULL of how perfect and magical our wedding we are truly blessed beyond measure!” (අපේ විවාහ මංගල්‍යය කෙතරම් පරිපූර්ණ ද කියනවා නම්, මගේ හදවත තවමත් පිරිලා) කියලා, ඉතින් ඇයගේ මේ පින්තූරයට ගොඩක් අය ආදරණීය ප්‍රතිචාර දක්වලා තිබ්බා”

Related Posts

Leave a Reply

Your email address will not be published.