සතිශාන් රත්නායක කියන්නේ අද නොදන්න කෙනෙක් නැති කෙනෙක්. බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මුලි අයිතිකරු ඔහුයි. යොහානි නිසා ගීතය ජනප්‍රිය වුවත් කාලයත් සමඟ එහි අයිතිකරු ගැන එළියට එන්න පටන් ගත්තා. ඉතින් අද අපි හිතුවා මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු ගැන කතා කරන්න. විදුබල මණ්ඩලයේ සේවකයෙකු වෙන සතිශාන් මේ දිනවල අලුත් ගීත කිහිපයකටද කාර්යබහුල බවයි අපිට ආරංචි වුනේ.
සතිශාන්ගේ ‘මැණිගේ මගේ හිතේ’ ගීතය යොහානි ගයලා ජනප්‍රියත්වයක් ලබද්දි සතිශාන්ට ඊර්ෂ්‍යාවක් දැනුනේ නැද්ද? “ඇත්තම කියනවම් මට එහෙම ඊර්ෂ්‍යාව කියන දෙයක් දැනිලා නෑ. මට තියෙන්නේ වචනයෙන් කියන්න බැරි සතුටක්. අනික ඒ ගිතයේ රැප් කොටසට මම සම්බන්ධ වෙනවා. ඉතින් ඇයි මම ඊර්ෂ්‍යා කරන්නේ. මම මේ ගිතය නිර්මාණය කරද්දි හිතුවෙම මේ ගීතය මුළු ලෝකය පුරාම ඇහෙන්න ඕනි කියලා. ඉතින් යොහානි අද ඒ හීනය ඉෂ්ඨ කරලා ඉවරයි. ඉතින් ඒ අපි ජාත්‍යන්තරයට ගියා. එහෙම වෙද්දි ඇයි මම යොහානිට ඊර්ෂ්‍යා කරන්නේ.”
සතිශාන් ප්‍රේමයෙන් පැරදුන කෙනෙක්. ඉතින් යොහානි ගැන ආදරයක් හිතිලා නැද්ද? “නෑ යොහානි කියන්නේ මට හොද යාළුවෙක්. අපි අතරේ කවදාවත් සම්බන්ධයක් ඇති වෙන්නේ නෑ. හැමදාටම මේ බැදිම තමා අපි අතරේ තියෙන්නේ. ඇත්තම කියනවනම් යෝහානි කියන්නේ ගොඩක් හොඳ යාළුවෙක්. ඉතින් යාළුවො වෙනයි පෙම්වතිය වෙනයි.”

අහිමි වුන ප්‍රථම ප්‍රේමයේ විරහව කොහොමද දැනුනේ, “මට මගේ ප්‍රථම ප්‍රේමය නැතිවුන නිසා තමා අද මේ වගේ තැනකට එන්න පුළුවන් වුනේ. එයා මාව දාලා යන්ක මුලික හේතුව මගේ ගීත අප්පිරියයි කැතයි කිවා. ඇත්තටම මේ සතිශාන් බිහි කලෙ එ විරහව තමා. එයා මම ලග හිටියනම් මට මේ ගමන එන්න බැරි වෙන්න තිබුනා. මගේ පුද්ගලික අදහස තමයි ප්‍රතිෂේප වීම අපේ හොඳම මොටිවේෂන් එක කරගන්න ඕන”
ප්‍රථම ප්‍රේමය නැවත ඔබව සොයාගෙන ආවේ නැද්ද? “කිප වතාවක් මට කතා කලා. හැබැයි මට කතා කරන්න ඕනි වුනේ නෑ. ඒකට හේතුව මට ඕන කාලේ මගේ ලගින් හිටපු නැති අය පස්සේ කාලේක මට වැඩක් නෑ. කොහොමත් මම එයාව නැවත භාරගන්නේ නෑ. මට ඕනි මට ආදරේ කරන කෙනෙක් මිසක් මගේ ජනප්‍රියත්වයට ආදරේ කරන කෙනෙක් නෙවෙයි. මම කවදාහරි කසාද බදින්නේ සතිශාන් කියන ගායකයා නොදන්න කෙනෙක්. මොකද එතනයි ඇත්තම ආදරය තියෙන්නේ. ජනප්‍රියත්වයට ලං වුන අය මට ඕනි තරම් තියෙනවා. හැබැයි ඒ ලං විම් මම අහිමි කරගත්තා.”
ගායනයට එන්නේ, “මම සංගිතයට එන්නේ අවුරුදු 16 හැබැයි සුන්දර ගමනක් මට නෑ. මට තාත්තා කිවා ඔය සිංදු කියන එක හරියන්නේ නෑ තියලා. හැබැයි අම්මා තාත්තාට හොරෙන් මට සල්ලි දුන්නා. අපේ ආර්ථ්කය එක්ක අපිට ගීත කරන්න අමාරු වුනා. හැබැයි මම කොළඹ ඇවිත් ලොකු කට්ටක් කාලා මගේ ගමනක් හදාගන්නවා. අද අම්මා තාත්තා මල්ලි හැමෝම මට උදව් කරනවා.”