‘මගේ සැමියා ජේම් බිස්නස් කරන්නේ හොංකොං වල’ කෝටිපතියෙක් සමග විවාහ වුන උමාරා කියන කතාව

සංගීත ලෝකයේ දෙස් විදෙස් ආදරය දිනාගන්න සමත් ඇය දක්ෂ ගායිකාවක්. වෙනස් ම කටහඩකට උරුමකම් කියන ඇය නමින් උමාරා සිංහවංශ. ඇය සංගිත ලෝකයට පිවිසෙන්නේ භාතිය හා සන්තුෂ් සමඟ. ටිකෙන් ටික තම ගමන සාර්ථක ලෙස ලියාගනන ඇය ගැන කතා කරන්නයි අද අපි සුදානම් වෙන්නේ. සිය හඩ ගීත බොහෝමයකට ලබා දෙද්දි ඇයට වසඟ වු රසික පිරිසද සිමිතනොවේ.

විවාහයෙන් පස්සේ ටික කාලයකට ඇය නිහඩ වෙද්දි ඇගේ පවුල් ජිවිතය ගැන ඇය කිවේ මේ වගේ අදහසක් “විවාහය එක්ක නිහඩ වුනා කියන්නේ මම විවාහ වුනේ 2011ඒ සමගම මගේ වැඩ වගේකට මට විදේශ ගත වෙන්න වුනා. හැබැයි මම ආයේත් ලංකාවේ ඉන්නේ දැන්. මගේ සැමියා ව්‍යාපාරිකයෙක්, එයා කරන්නේ මැණික් හා ස්වර්ණාභරණ. එයාගේ ව්‍යාපාර ලංකාවේ වගේම හොංකොං වල තියෙන්නේ. මම කලින් හිටියේ සැමියා එක්ක වුනත් මම දැන් ලංකාවේ ඉදන් සංගිත කටයුතු කරනවා. මම මගේම කටහඩ පුහුණු පාසලක් කරගෙන යනවා. මම ආසයි හොද පිරිසක් කලාවේ බිහි කරන්න. ඔවුන්ට හොද මාර්ගෝපදේශනයක් දෙන්නයි මගේ බලාපොරොත්තුව.”

ඔබට ලැබෙන රසික ආදරය ගැනත් කතා කරමු අපි “මම කරපු හැම නිර්මාණයක් එක්කම මට ප්‍රේක්ෂකන්ගේ ගරුත්වයක් එක්ක බැදුන ආදරයක් ලැබිලා තියෙනවා. ඒ ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම විදේශ ගත වුනත් මට තිබුන ආදරේ කිසි වෙනසක් නෑ කවදාවත්. අද මගේ පාසලට එන ගොඩක් අය එන්නේ මට තියෙන ගෞරවය නිසා. මම මගේ වැඩ තව කෙනෙක්ට පවරන කෙනෙක් නෙවෙයි. ඉගෙනිම් කටයුතු වුනත් මම තව කෙනෙක්ට කරන්න කියලා භාර දෙන්නේ නෑ. මම ආව ගමනේ සාර්ථකත්වයක් අද මම දකින්නේ මට ලැබෙන ප්‍රතිචාර එක්ක”

ඔබ අදින විලාසිතා ටිකක් වෙනස් නේද? “මේකයි මම අදින ඇදුම් විලාසිතා මම පළදින ආභරණ නිර්මාණය කරගන්නේ මම විසින්මයි. ඉතින් මම මට ගැළපෙන විදිහට ඒ සියල්ල සකසා ගන්නවා. ගොඩක් අය කතාවෙනවා මගේ විලාසිතාවන් ගැන ඒ වගේම හැමෝම අහනවා මම කොහෙන්ද ඇඳුම් ගන්නේ කියලත්”

දැන් ගෙවෙන ජිවිතය කොහොමද? ”ගොඩක් සතුටින් ගෙවෙනවා. මගේ පාසලේ වැඩ කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පවා කරගෙන යනවා. වෙනසක් නෑ වෙනදා වගේම කාර්යබහුල කෙනෙක් මම. අලුත් නිර්මාණ කිහිපයක් කරන්නත් බලාපොරොත්තුවෙන ඉන්නවා ලොකු වෙනසක් නෑ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *