මගේ ස්වීට් වයිෆ් මට වඩා අවුරුදු 20ක් බාලයි – රොෂාන් පිලපිටිය

ලංකාවේ රංගන ශිල්පියන් අතරින් කාගේත් අවධානය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ, කාලෙන් කාලෙට එක එක චරිත හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ රොෂාන් පිලපිටිය මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන පාරදිගේ ටෙලිනාට්‍යයේ නානායක්කාරගේ චරිතය හරහා, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ රොෂාන් පිලපිටිය සමග, රොෂාන් දැන් නිතරම පේන්න ඉන්නවා නේද..? ”ඔව්, මම පහුගිය කාලයේ රඟපෑවා මාණික්කාවත නාට්‍ය හා බොනිකර තරු නාට්‍ය දෙකම පසුගිය කාලයේ අවසන් වුණා. මේ දවස්වල පාරදිගේ නාට්‍යයේ සහ නීල පබළු සහ රේස් කියන නාට්‍ය තුනක මාව දැකගන්න පුළුවන්, මට තව නිර්මාණ කිහිපයකට සම්බන්ද වෙන්න හිතාගෙන ඉන්නවා,”

රොෂාන් ඇත්තද රංගනට ඔබ අය කරන මිල ගොඩක් වැඩියි කියන්නේ..? ”එහෙමම කියන්න බෑ මම සාමාන්‍යයෙන් සාධාරණ මිලක් අය කරනවා, ඒ සල්ලි වලින් තමයි මම කාලා ඇඳලා ඉන්නේ, ගාන කියන්නේ නැතුව අසාධාරණ මුදලක් ලැබෙන්නේ කියලා කම්පා වෙවී ඉඳලා වැඩක් නැහැ නේ, අනිත් කාරණය තමයි ලැබෙන රුපියලක් හරි හරියට කළමනාකරණය කරගන්න ඕන, එහෙම කලේ නැත්නම් සමහර කලාකරුවන්ට වගේ වයසට ගියාම ඉන්න හිටින්න තැනක්වත් නැතිවෙනවා, මම මට ලැබෙන මුදල් කළමනාකරණය කරගන්නවා, ඒ වගේම තමයි මගේ රංගනයට සම්බන්දව වටිනාකම මම ගන්නවා”

කොහොමද පුතා රාහුල් එක්ක ගෙවන ජීවිතය ”ඒ ජීවිතයනම් හරිම සුන්දරයි, මම ගෙදර ඉන්න වෙලාවට රාහුල් පුතා ඉන්නේ මගේ ළඟමයි, පොඩි විවේකයක් ලැබුනත් අපි තුන්දෙනා එකටම තමයි ඉන්නේ, දරුවෝ කියන්නේ ගොඩක් ලොකු වගකීමක්, ඉතින් අපි දෙන්නා එයාව පරිස්සමින් හදාගන්නවා, එයත් එක්ක ජීවත් වෙනඑක හරිම ආදරනීයි,”

ඔබගේ බිරිඳ රිද්මා ඔබට වඩා අවුරුදු 20ක් බාලයි, ඇය ඇයගේ වගකීම් ඉටු කරනවද..? ”අනිවාර්යෙන්ම ඔව්, රිද්මා තමයි මගේ ස්වීට් වයිෆ්, මගේ දවසේ වැඩ ටිකපවා මතක් කරන්නේ එයා, මම ෂූටින් යද්දී එයා උදේම නැගිටලා මට කෑම එහෙම හදලා දෙනවා, එයා තමයි ගෙදර වැඩත් ගොඩක් කරන්නේ, ඇය ඉතාම හොඳ බිරිඳක්, එයා නිතරම මහන්සි වෙන්නේ මාව හැඩට තියාගෙන බබත් බලාගෙන ගෙදරත් ලස්සනට තියාගන්න,”

අලුත් අවුරුද්දේ තියෙන ප්ලෑන් මොනවද…? ”එහෙම ලොකු ප්ලෑන් මොනවත් නෑ, අපි ජීවත් වෙන්නේ පළවෙනිදට කිරි උතුරවන්නේ කොහොමද කියලා හිතන මිනිස්සු ඉන්න රටක, ඉතින් මම කියන්නේ මේ අසරණකම නැතිවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, කොහොම හරි ආර්ථික අවපාතයෙන් ගොඩ එන්න ලැබුනොත් ඇති, මම අලුතෙන් බාරගත්ත නිර්මාණ වලට සම්බන්ද වෙනවා, ඒ හැරෙන්න වෙන විශේෂ වැඩක් නෑ”

Related Posts