‘මගේ වීඩියෝවක් ලීක් උනානම් දුක නෑ’ ජනප්‍රිය නිලි පූර්ණිමා කියන කතාව

රාවණා ටෙලිනාට්‍ය ධරණි ගේ චරිතය හරහා ඇය ලබාගත් ජනප්‍රියත්වය ඉහළයි. ඇය ප්‍රසිද්ධ වෙන්න පටන් ගත් කා⁣ලයේම ඇයට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුණා. ධරණි ගේ චරිතයට පණ දුන් පූර්ණිමා කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිනියක් කියන්න කවුරුත් දන්නවා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න.

පූර්ණිමා කියන්නේ ගොඩක් ටෙලිනාට්‍යවල දකින්න නො ලැබෙන චරිතයක්. එකට හේතුවක් තියෙනවද, ”ඇත්තටම මට ගොඩක් නිර්මාණ නිර්මාණ වලට ආරාධනා ලැබෙන්නේ නැහැ. සමහර ආරාධනා මම පිළිගන්නෙත් නැහැ. රාවණා ටෙලි නාට්‍ය කියන්නේ මම රංගනයට සම්බන්ධ වුණ මුල්ම නිර්මාණය. මම ගොඩක් වැඩ එකට බදා ගන්න කෙනෙක් නෙවෙයි. සමහර නිර්මාණවලට මට ගාන කියල එන්න කිව්වත් මම සම්බන්ධ වෙන්නැති අවස්ථා තියනවා. මම හිතට අල්ලන නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. මට කැමතියි කියලා හිතෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. ඒ අතරේ මට හොඳ නිර්මාණ මගහැරුන අවස්ථාද තියෙනවා. හැබැයි මං කිසිම වෙලාවක දුක් වෙන්නේ නැහැ.”

‘ධරණි’ කියන චරිතය ප්‍රසිද්ධ වීමත් එක්ක ඔබට මඩ ප්‍රහාර වලට මුහුණ දෙන්න සිද්ධ වුණා නේද, ”රාවණා ටෙලිනාට්‍යයේ රඟපාන ගැහැණු ළමයාගේ වීඩියෝවක් කියලා කලක් අන්තර්ජාලයේ වීඩියෝ එකක් ප්‍රචාරය වුණා. ඒක අසභ්‍ය වීඩියෝ එකක්. හැබැයි ඒක ලතින් වීඩියෝ පටයක්. ඒ වීඩියෝවේ ඉන්නේ මම නෙමෙයි කියලා කාට උනත් තේරෙනවා. ඇත්තටම මගේ වීඩියෝ එකක් ලීක් වුනා නම් මට ඒ තරම් දුකක් දැනෙන එකක් නැහැ.”

මේ සමාජයේ සමහරුන්ට තියෙන්නේ පටු මානසික අදහස්. ”මේ සිද්ධ වුණ සිදුවීම මගේ මානසිකත්වය මානසිකත්වයට ගොඩක් බලපෑවා. ඒ වීඩියෝවේ ඉන්නේ මම නෙවෙයි කියලා දැන දැනම සමහරුන් මට චෝදනා කළා. බාල මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු මට දුරකථන ඇමතුම් දීල පවා ඒ ගැන ඇහුවා. ඒ කාලේ මට ලොකු වදයක් දුන්නා ඒ ගැන අහලා සමහරු.”

තරුණියක් විදිහට ඔබ කොහොමද ඒ අවස්ථාවට මුහුණ දුන්නේ, ”මට ඒ අවස්ථාව දරාගන්න ගොඩක් අමාරු උනා. මම නොකරපු වීඩියෝ පටයක් සමාජගතවීම එක්ක මට හැමදේම එපා වුනා කැළණිය විශ්වවිද්‍යාලය මනෝ උපදේශනය පිළිබඳ හදාරන ශිෂ්‍යාවක්. ඒ නිසාම සමහර දේවල් මම මැදිහත් සිතින් බාරගත්තා. මම ගොඩාක් සතුටින් තමයි ධරණි චරිතයට සම්බන්ධ වුණේ. මම වැරදි දෙයක් කරල නෙමෙයි මට කටකතා හැදුණේ. හැබැයි කාලයත් එක්ක මම හැමදේම දරා ගන්න පුරුදු වුණා. මම කියන්නේ තරුණයෝ මේ වගේ දේකට තමන්ගේ ජවය පාවිච්චි කරනවට වඩා හොඳ දේකට තමන්ගේ ජවය පාවිච්චි කරානම් හොඳයි කියලා. මොකද අනුන්ට මඩ ගහලා හම්බකරන සල්ලි වල වටිනාකමක් නැහැ.”

ක්ෂේත්‍රය තුළ ඔබට කැපිලි කෙටි නැද්ද, ”මම ගොඩක් චරිත රඟපාන කෙනෙක් නෙවෙයි. අනික රංගනය කියන දේ තුළ ලොකු ජීවත් වෙන කෙනෙකුත් නෙවෙයි. ඉතින් මම හිතන්නේ ඒ නිසාම කාටවත් මාව කපන්න ඕනි නැහැ කියලා. මට කවුරුත් එක්කවත් තරගයක් නැහැ. මම කාටවත් තරගයක් දෙන්නෙත් නැහැ. කවුරු මාව කපාගෙන ඉදිරියට ගියත් මට ප්‍රශ්නයකුත් නැහැ. මම කොහොමත් පාඩුවේ පැත්තකට වෙලා ජීවත් වෙන කෙනෙක්. ඒ නිසාම සමහර දේවල් මම ගණන් ගන්නේ නැහැ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *