‘මගේ විලාසිතා නිසා මම හිට් වෙනවා’ ජනප්‍රිය නිලි චුලක්ෂි කියන කතාව

චුලක්ෂි රණතුංග නව පරපුරේ රංගන ශිල්පිනියක් බව කවුරුත් දන්න කරුණක්. 2014 මිස් ශ්‍රි ලංකා කිරළ හිමි විමත් සමඟ සිනමාවට රංගනය පිවිසිමට ඇයට වරම් හිමි වෙනවා. නිරූපණයෙන් නිරතුරුව දකින්න ලැබෙන චරිතයක් ලෙස ඇයව තව දුරටත් හදුන්වන්න පුළුවන්. ඇත්තටම චුලක්ෂි කලාව තෝරගත්තේ නිරූපණ කේෂ්ත්‍රයේ ඉන්න නිසාද?ජිවිතේ කවදාවත් කලාවට එන්න ඕනි කියලා මම හිතලා නෑ.

මගේ කැමැත්තක් තිබිලත් නෑ. මට ඕන වුනේ පාසල් කාලේ ඉදන් පැසිපන්දු ක්‍රිඩිකාවක් වෙන්න. ඒ අරමුණ තියාගෙන මම නිකමට වගේ තමා මිස් ශ්‍රි ලංකා එකට අයදුම් කලේ. මගේ තාත්තා මගේ පවුලේ කිසි කෙනෙක් කැමති වුනේ නෑ මම කලාවට සම්බන්ධ වෙනවට. හැබැයි 2014 මිස් ශ්‍රි ලංකා කිරුළ එක්ක ජිවිතේ ගොඩක් දේවල් මගේ වෙනස් වුනා. ඒත් මම ඇත්තටම හිතුවේ නෑ මට රඟපාන්න පුළුවන් කියලා. මම මුලින්ම තිර පරක්ෂනයට පවා ගියේ බයෙන්. මොකද ඒ තරම්වත් විස්වාසයක් තිබුනේ නෑ මට. දැන් මගේ එකම හීනය කවදාහරි දවස සිනමා නිළියක් වෙන එක තමා.”

ඔබේ ඇදුම් විලාසිතා ගැන නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා.”මම විලාසිතා කරන්නේ මට කැමකි විදිහට. මම ඒ කිසි දෙයක් කරන්නේ හිට් වෙන්න බලාගෙන නෙවෙයි. හැබැයි මම කරන විලාසිතා නිසාම මම හිට් වෙනවා. ඒකට මට කරන්න දෙයක් නෑ. අනිත් කාරණය තමයි ඔනම කෙනෙක්ට තමන් කැමති විලාසිතාවක් කරන්න අයිතියක් තියෙනවා”

කලාව කියන දේ ඇතුලේ ඔබට තරඟකාරිත්වයක් තියෙනවා කියලා හිතනවද? “ඇත්තටම මට කාත් එක්කවත් කිසිම තරගයක් නෑ. මට හැමෝම එක්ක තියෙන්නේ සුහදතාවය එක්ක බැදුන බැදිමක් විතරයි. අනික මම ගැන දන්න අය දන්නවා චුලක්ෂි කියන්නේ කවුද කියලා. මම කවුද කියන දේ මට කාටවත් පෙන්වන්න ඕනි කමක් නෑ. මාව පිටින් බලලා කාටවත් තේරුම් ගන්න බෑ. මොකද මම පිටින් පේන කෙනා නෙවෙයි ඇතුළතින් ඉන්නේ. මොකද ඒ තරම් සංකිර්ණ චරිතයක් මම”

Leave a comment

Your email address will not be published. Required fields are marked *