මගේ වැඩ වලට උදවු කරන කෙනෙක් ලැබුනොත් මම එයාට පන වගේ ආදරේ කරනවා – නයනි රාමනායක

කාලෙන් කාලෙට අපේ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට අලුත් අලුත් රංගන ශිල්පිනියන් එකතු වෙනවා, ඉතින් ඒ වහේ කළා ලෝකයට අලුතින් එකතුවුන දක්ෂ වගේම ඕනෑම කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරමටම සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි නයනි රාමනායක කියන්නේ, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ නයනි සමග, ඉතින් නයනි කියන්න බලන්න ඔයාගේ විස්තර ටිකක් ”මගේ නම නයනි චතුරිකා රාමනායක, මගේ ගම මීගමුව, ඒ වගේම තමයි මම ඉගන ගත්තේ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයෙන්,”

හැමෝටම කලාවේ පටන් ගැන්මක් තියෙනවානේ ඉතින් නයනි කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ, ”මම මුලින්ම රංග පෑවේ හිරු ඇවිදින් කියලා ටෙලිනාට්‍යක, එහෙම තමයි මම කළා ලෝකයට පය තියෙන්නේ, ඒ අවස්තාව මට ලැබුනේ චාමර සමරවික්‍රම මහත්මයා නිසා, එයා තමයි මාව රංගන ක්‍ෂේත්‍රයට ගෙනාවේ, චාමර අයියම තමයි මම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාට හඳුන්වලා දුන්නේ,”

නයනිගේ හීනය වුනේ මොකද්ද ”මගේ පොඩි කාලේ ඉඳන්ම හීනය වුනේ පොලිස් සේවයට බැඳෙන්න, මගේ උස අඩි 5යි අඟල් 3යි, ඉතින් අඟලක් උස මදි නිසා ඒ අවස්තාව මගහැරුනා, පොඩි කලේ ඉඳන්ම මගේ වීරයා වුනේ මගේ තාත්තා, ඔහු හිටපු දක්ෂතම නිලධාරියෙක්, ඒ වගේම තමයි එයාට අසාධාරණ පේන්න බෑ ඉතින් ඒ දේවල් වලට මම ගොඩක්ම ආසයි, මටත් ඕන වුනේ පොලිස් සේවයට බැඳිලා තාත්තා වගේ වෙන්න”

නයනි ඔබගේ ආදරය මොනවගේද..? ”මේ කාලේ හැමෝටම වගේම රටටම ප්‍රශ්න තියෙනවා නේ, ඉතින් මම දැන්ම ආදර විවාහය ගැන ගොඩක් හිතන්නේ නැ, ඒ දේවල් වලට ඉක්මන් වෙන්න ඕන නෑ කියලයි මම හිතන්නේ, අනික මම හොයන්නේ මට ගොඩක් ආදරේ කරන මම ගැන හොයලා බලන වගේම මගේ වැඩ වලට උදවු කරන කෙනෙක්, ඉතින් ඒ වගේ කෙනෙක් ලැබුනොත් මම එයාට පන වගේ ආදරේ කරනවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.