Sat. May 21st, 2022

ඇය බොහෝ දෙනකුගේ හිත් ගත්ත දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. මේ දිනවල සිරස ටීවී නාළිකාවේ විකාශය වෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වුණ ඇය ශලනි තාරකා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය තුන් කොන් ආදර කතාවක් වෙද්දි එක් කොනක ශලිනි ද ඉන්නවා. කොහොම වුණත් ශලිනි කියන්නේ මාධ්‍ය සමග අඩු සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් නේද,

ඒ කාලේ ඉඳන්ම මම කතාබහ අඩු කෙනෙක්. මම ලේසියෙන් කෙනෙක් එක්ක සුහද වෙන කෙනෙක් නෙවෙයි. අනික මට නිතරම පත්තර වල නාට්‍යවල පෙනෙන්න හිටින්න ඕනේ නැහැ. මම දක්ෂතාවයෙන් ජනප්‍රිය වෙන්න ආස කෙනෙක්. කොහොම වුණත් මේ මගේ හැටි. මම ගැන දන්නා අය දන්නවා මම කොයි වගේද කියලා.

ජනප්‍රිය නිළියක් වෙන්න තිරය පිටුපස ලොකු තරගයක් තියෙනවා නේද, මම හිතන්නේ එහෙම පොර කන අය පොර කන්නේ දක්ෂතාවය අඩුකම නිසා. දක්ෂතාවය තියන කෙනා ජනප්‍රිය වෙන්න ඕන නැහැ, ඔවුන්ට මේ ක්ෂේත්‍රයේ රැදිමක් තියෙනවා. කොහොම වුනත් මම සල්ලි දීලා සම්මාන ගන්න කෙනෙක් නෙවෙයි. සල්ලි දීලා සම්මාන ගන්නවාට වඩා කරන්න දේවල් මට තියනවා. මම මගේ දක්ෂතාවය පෙන්නලා තමයි සම්මානයක් ලබා ගන්නේ.

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය තුළ ඔබ ආදරවන්තියක් වෙද්දි සැබෑ ජීවිතය තුළ ආදරවන්තිය, මම තවම ආදරවන්තියෙක් නෙවෙයි. සමහර කාලවලදී ප්‍රේම සබඳතා තිබුණා. හැබැයි දැන් කිසිම සබඳතාවක් නැහැ. ඒ කොහොම වුණත් මාව තේරුම් ගන්න මට ආදරේ කරන කෙනෙක් ලැබුණොත් මම ආදරේ ගැන හිතනවා. කොහොමත් දැන් වයසත් එක්ක ආදරය ගැන හිතන්න වෙනවා. බලමු කාලයට ඉඩ දෙනවා. ආවට ගියාට ජීවිතේට මම කවුරුත් එකතු කර ගන්නේ නැහැ.

කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යට කොහොමද ලැබෙන ප්‍රතිචාර, ඇත්තටම ගොඩක් හොද ප්‍රතිචාර හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මුලින් හිතුවේ නෑ මේ වගේ ප්‍රතිචාර ලැබේවි කියලා. ඒ කොහොම වුනත් ගොඩක් අය මේ කතාව ආසාවෙන් ආදරෙන් අරඹනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *