මගේ වම්බටු කරි එක තමයි රසම – පවුල් දෙසීයකට හාල් කිලෝ පහගානේ දුන්න ජනප්‍රිය නිලි මිෂෙල් දිල්හාරා

කුඩා කාලයේ ඉඳලම කලාවට සම්බන්ද වෙලා ඉඳගෙන අදවනවිට ලංකාවේ හැමෝම අතර කතා බහට ලක්වෙන ආදරණීය වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියන්නේ, ටෙලිනාට්‍ය ගණනාවක් හරහාම ප්‍රේක්ෂක ආදරේ දිනාගත් මිෂෙල් හැමෝම අතර කතාවෙන චරිතයක් බවට පත්වුණේ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍ය හරහායි, ඒ වගේම ලංකාවේ අතිශය ජනප්‍රිය වුන පොදු ටෙලිනාට්‍යයේ දෙවන කොටස වන පොදු – 2 නාට්‍යයේ දුෂී කියන චරිතයට පන පෙව්වේත් මිෂෙල් දිල්හාරා විසින්, ඉතින් මිෂෙල් කොහොමද ජීවිතේ මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල මම බාරගත්ත වැඩ කිහිපයක් කරගෙන යනවා, ඒ වගේම මගේ සමාජ සත්කාර වැඩත් එක්ක මගේ ඉගනීමේ වැඩත් සමබරව කරගෙන යනවා,”

අපිට දැනගන්න ලැබුනා මිෂෙල් රංගනයට අමතව තවත් අංශයකට ගොඩක් දක්ෂයි කියලා කියන්නකෝ බලන්න ඒ ගැන විස්තර ටිකක් ”මෙහෙමයි මම මම රංගනයට වඩා ඇත්තටම දක්ෂ කරාටේ ක්‍රීඩාවට, මම දැන් කරාටේ ක්‍රීඩාවේ කළුපටි පලවෙනි ශ්‍රේණියේ ඉන්නේ ඒ වගේම මම මේ දවස්වල ජාත්‍යන්තර ශ්‍රේණි පරීක්ෂණයකට පුහුණු වෙනවා, ඒ වගේම මම පිහිනීමට ටෙනිස් ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි, ඇත්තටම මම රංගනයට වඩා දක්ෂ ක්‍රීඩාවට, මම දෙවෙනියට දක්ෂ රංගනයට,”

මිෂෙල් සාමාජ සේවා කටයුතු ගැන කියන්න බලන්න අලුත්ම විස්තර ටිකක් ”ඒ දේවල් සාමාන්‍ය විදියට කරගෙන යනවා, දැන් කාලෙකට කලින් මම පවුල් දෙසීයකට හාල් කිලෝ පහගානේ බෙදලා දුන්නා, ඒ දළුපොත ශ්‍රී ධර්මරතනාරාම විහාරයේ කල්පේ ධර්මාලෝක හිමියන්ගේ අනුශාෂනවකින් තමයි ඒ සමාජසේවාව සිදුකලේ, ඒ වගේ මම තව තව සමාජ සත්කාර වැඩ කරගෙන යනවා, ගොඩක් අය අහනවා මම මේ දේවල් කරන්නේ අනාගතේ දවසක දේශපාලනයට එන්න හිතාගෙන තියෙනවද කියලා, ඇත්තම කියනවනම් මම මේ හැම දෙයක්ම කරන්නේ එහෙම දේවල් බලාගෙන නෙවෙයි, මම රංගන ශිල්පිනියක් විදියට ජනප්‍රිය වෙලා ඉන්නේ මගේ ප්‍රේක්ෂකයෝ නිසා ඉතින් මම මේ හැමදෙයක්ම කරන්නේ යම්කිසි මොහොතක අසරණ වෙලා ඉන්න මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, ඒ වගේම ඒ සමාජ සත්කාර වැඩ වලට ප්රෙක්ෂයෝ ගොඩක් සම්බද වෙලත් ඉන්නවා”

අපිට ආරංචියක් ආවා මිශේල්ට ගොඩක් රසට කෑම ජාති හදන්න පුළුවන් කියලා ඇත්තද ඒ..? ”මම දහය වසරේ ඉද්දී තමයි මුලින්ම කෑම හදන්න පුරුදු වුනේ, ඒ දවස්වල මම අම්මට ගොඩක් උදවු කළා, මම හදන හැම කෑමක්ම රසයි කියලයි ගෙදර අය කියන්නේ, මට රසට පොලොස් වම්බටු කරි, මොජු වගේ ගොඩක් කෑම ජාති හදන්න පුළුවන්, මගේ වම්බටු කරි එක තරම් වෙන කාගේවත් වම්බටු කරි රස නෑ කියලයි කාපු අය ඒ වගේම තව පොඩි පොඩි ෂොට් ඊට් වගේම අතුරුපසත් හදන්න පුළුවන්,”

Related Posts

Leave a Reply

Your email address will not be published.