Fri. Jan 28th, 2022

කලා ක්ෂේත්‍රයේ ඉන්න සුරූපී රංගන ශිල්පිනියන් අතර ඇයද පෙරමුණ ගන්නවා. කලාව තුළ සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් වෙද්දි ඇයි පවුල ඇතුලේ හොඳ බිරිඳක් හොඳ මවක් වෙනවා. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මහේෂි මධුසංකා ගැනයි. ඔබ අද වෙන විට ලංකාවේ නමක් දිනා ගත් රංගන ශිල්පිනියක්. ඉතින් මේ ආවා ගමන ගැන මොකද හිතෙන්නේ, මම කලා ක්ෂේත්‍රයට එන්නේ මට අවුරුදු දහ අටේදී. එදා ඉදන් අද වෙනකම් මම දුර ගැන මම ගොඩක් සතුටු වෙනවා. රංගන ශිල්පිනියක් විදිහට මම කැමතියි විවිධ චරිත රඟපාන්න. ආව ගමන ගැන තියෙන්නෙත් තෘප්තියක් විතරයි. හැබැයි සමහර නිර්මාණවල සමහර චරිත දකිද්දී මට හිතෙනවා ඊට වඩා හොඳට මට කරන්න තිබුණා කියලා.

කලාවට ඔබේ සැමියාගෙන් ලැබෙන දායකත්වය කොහොමද, ”මම මගේ ජීවිතේ පළමු තැන දෙන්නේ මගේ පවුලට. පවුල් ජීවිතය නිසා කලාවට සමුදෙනවා කියන තැනත් මම නැහැ. මගේ සැමියා ශ්‍රී ලංකන් ගුවන් නියමුවරයෙක්. මගේ කලා ජීවිතයට එයා ලොකු සහයෝගයක් ලබා දෙනවා. විශේෂයෙන් එයා මට මගේ මානසික නිදහස දෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ එයාගේ පවුලේ අයත් මට ගොඩක් උදව් කරනවා. සැමියෙක් විදියට මගේ සැමියා වගකීම් සහිතව වැඩ කරනවා. මට ගොඩක් සතුටුයි ඒ වගේ කෙනෙක් ලැබීම ගැන. ගෙවුන පහුගිය කාලේ පුරාවට එයා අපි ගැන ගොඩක් සැලකිලිමත් වුනා. එයාගේ රැකියාවත් එක්ක එයා අපිට වඩා අපි ගැන සැලකිලිමත් වුණා. විශේෂයෙන්ම එයා මේ වෙද්දි pcr පරීක්ෂණ පනහකට වැඩිය කරලා තියෙනවා. මම හිතන්නේ ගැහැණියකට ලැබිය යුතු හොඳම සැමියෙක් මට ලැබිලා තියෙනවා.”

ජීවිතය ගැන මොකද හිතන්නේ, ”මම හිතන්නේ හැමදේම පැත්තකින් තියලා දැන් අපි ජීවත් විය යුතු කාලය ඇවිල්ලා තියෙනවා. අපි පරිස්සමින් ඔබේ කටයුතු කළ යුතුයි. කොහොම වුනත් අපි පුරුදු වෙන්න ඕනේ මේ මොහොතේ ජීවත් වෙන්න. මොකද මේ ගෙවන තත්පරය අපිට ආපහු ගන්න බැහැ. මම කැමැතියි ජීවිතය සතුටින් ගෙවන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *