‘මගේ බොඩිගාඩ් ජොබ් එක පෙම්වතාටම බාරදුන්නා’ හැමෝම ආදරේ කරන තිවංකා කියන කතාව

2020 වසරේ දෙවනි අවුරුදු කුමරිය ලෙස දෙවන ස්ථානය හිමි කරගන්න ඇය නමින් තිවංකා නානායක්කාර. ඇය රංගන ලෝකයට තවම ආදුනිකයි, ඉතින් අපි හිතුවා ඇය සමඟ කතා කරන්න. මිහි ටෙලිනාට්‍ය තුළින ඇය හමු වෙද්දි ඇයට එහිදි හිමි වෙන්නේ වෙනස්ම ආකාරයේ ද්විත්ව චරිතයක්. ඒ නිසාම අපි ඒ ගැන ඇයගෙන් අහන්න හිතුවා. “ඔව් මිහි කියන්නේ මම සම්බන්ධ වෙන පළවෙනි ටෙලිනාට්‍ය. ඇත්තටම මට රංගනය පිළිබද ලොකු අත්දැකිම් නෑ. ලොකු දැනුමකුත් නෑ. හැබැයි මම හැමදේම ටික ටික ඉගෙන ගෙන මේ ද්විත්ව චරිතයට සම්බන්ධ වෙනවා. මාව තිර පරික්ෂණයෙන් තෝරගද්දිම තුෂාර සර් කිවා මට ලොකු දක්ෂතාවයක් තියෙනවා කියලා. ඉතින් ඒ තියපු විස්වාසය මම මට පුළුවන් උපරිමයෙන් රැක්කා. මම මට පුළුවන් විදිහට ඒ හැම චරිතයකටම සාධාරණය ඉෂ්ඨ කලා.”

තිවංකා ජනප්‍රිය කිරුළ ගන්න කැමති කෙනෙක්ද? “නැහැ. මොකද ජනප්‍රියත්වය කියන්නේ තාවකලික දෙයක් විදිහට මම දකින්නේ. අද තියෙන ජනප්‍රියත්වය හෙට නැති වෙන්න පුළුවන්. ඒ නිසාම මම කැමති නෑ බොරු හින දකින්න. මම කැමති සමාජයට දෙයක් දෙන්න. අනික මම මේ යන විදිහට මට හොද තැනකට යන්න බැරි වෙන එකක් නෑ. මට රංගනය කියන දේට තමා ප්‍රධාන තැන දෙන්න තියෙන්නේ.”

පෙම්වතා ගැනත් විස්තරයක් කියමු, “එයාගේ නම දසුන් සුබසිංහ. එයා ව්‍යාපාරිකයෙක්. මගේ ජිවිතේ මේ තරම දුර එන්න මගේ ලොකුම හයිය මගේ ආදරය. අපේ ආදරයට අවුරුදු හතරක් වෙනවා. හැම මොහොතකම මගේ පිටුපසින් ඉන්න එකම හයිය එයා තමා. මම යන හැම තැනකම එයා එනවා. පුළුවන් උපරිම සහයේගය මට එයා දෙනවා. ඒ වගේම මගේ බොඩිගාඩ් එයා තමා. මොන ප්‍රශ්නේ ආවත් එයා මාත් එක්කම ඉන්නවා ඒ වගේ ආදරයක් ලබන්න මම පිං කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ.”

තිවංකාගේ අනාගත බලාපොරොත්තු මොනවද ” මෙහෙමයි මම කලාවට අලුත් ඒ උනාම මම හැම නිර්මාණයකටම රඟපාන්න බාරගන්නේ නෑ. මොකද මට හොඳයි කියලා හිතෙන නිර්මාණ විතරයි මම බාර ගන්නේ. ඒ වගේම මම දැන් දසුන්ගේ ව්‍යාපාර වලටත් සම්බන්ද වෙලා එයාට උදවු කරනවා. ඉතින් ඒ වැඩත් එක්ක මම ටිකක් කාර්ය බහුලයි. ඉතින් ඒ වැඩත් එක්ක සමබරව කළා කටයුතු වල නිරත වෙනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *