මගේ බිසී ලයිෆ් එක නිසා ලවු කරන්නවත් වෙලාවක් නෑ, ඒ නිසා මම තාම තනිකඩයි – සිහින කුමරු ඉෂාර මධුෂාන්

රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙලා ඉන්න උගත් බුද්ධිමත් කඩවසම් තරුණයෙක් තමයි ඉෂාර මධුෂාන් කියන්නේ, වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්වන ඉෂාර ගුරුවරයෙක් විදියටත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතාම කෙටි කාලයකින් හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ ඉෂාර ලංකාවේ වැඩිම කතාබහට ලක්වෙන්න හේතුව තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය, එම නාට්‍යයේ රදීෂ්ගේ චරිතයට පන පොවන ඔයාලා ගොඩක් ආදරේ කරන ඉෂාර සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ,

ඉෂාර ඔබ ඉංජිනේරුවරයෙක් වගේම රටම දන්නා දක්ෂ ගුරුවරයෙක්, ඉතින් කොහොමද ඔබ රංගනයට සම්බන්ද වෙන්නේ..? ”මෙහෙමයි මම පේරාදෙණිය කැම්පස් එකේ උසස් අධ්‍යාපනය නිම කලේ ඉංජිනේරුවරයෙක් විදියට, කැම්පස් කාලයේදීම තමයි මම උගන්වන්න ගත්තේ, මම ඒ කාලයේ සාමාන්‍යපෙළ කරන ලමයින්ට් ගණන් ඉගැන්නුවා,ඉතින් ඒ පටන්ගැනීම මම දිගටම කරගෙන ආවා, මම තාමත් ගුරුවරයෙක් විදියට සේවය කරනවා, ඇත්තම කියනවනම් මම රංගන ශිල්පියෙක් උනාට පස්සේ තමයි මම උරුවරයෙක් කියන එක හැමෝම දැනගත්තේ,

මම රංගනයට පය තබන්නේ හරිම අහම්බයකින්, දෙරණ නාලිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා තමයි මට ආරාධනා කලේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න කියලා, හැබැයි ඊට කලින් වෙනත් නාලිකා දෙකක මම අවුරුදු කුමාරයා විදියට තේරිලා තියෙනවා, හැබැයි මම රංගන ශිල්පියෙක් විදියට මුලින්ම සම්බන්ද වෙන්නේ දෙරණ නාලිකාවේ දෙවෙනි ඉනිම නාට්‍ය හරහා, දෙවෙනි ඉනිම කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු තැන, මොකද රදීෂ් කියන චරිතය හරහා තමයි හැමෝම මාව හඳුනාගත්තේ, මාතුල ඇති රංගන ශිල්පියා ගුරුවරයා කියන භූමිකාවටත් ඒක ආභරණයක්”

ඉංජිනේරුවරයෙක් වෙනවා කියන්නේ පහසු දෙයක් නෙවෙයි ඉතින් ඔබ ඉගන ගත්තේ දෙයින් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව දිගටම රඟපානවද…? ”මම හිතන විදියට ඉගන ගත්ත දෙයක් කිසිම දවසක අපතේ යන්නේ නෑ, මම ඉංජිනේරුවරයෙක් විදියට ලබාගත්ත දැනුම මට ඕන වෙනවා, මම මගේ පන්ති පවත්වන්නේ මාර්ගගත ක්‍රමයට, ඒකත් සාමාන්‍ය එකක් නෙවෙයි හොඳ කොලිටි ස්ටුඩියෝ එකක් යොදාගෙන ඉහලම තාක්ෂනය බාවිතා කරලා, මම කාර් සේල් එකක් පටන් ගත්තා, ඒ වගේම දැන් අලුත් ක්ලාස් ටිකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා, ඉංජිනේරුවරයෙක් විදියට වැඩ කලේ නැතත් මම ඒ දැනුමෙන් වැඩ ගොඩක් කරගන්නවා”

ඔබ ඉන්නේ දැන් තරුණ වියේ, ඉතින් සුන්දර ආදර අත්දැකීම් එහෙම ඇති නේද..? ”මට අනුව ආදරේ කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්, ඉතින් මම ආදරේට ගොඩක් ආදරෙයි හැබැයි මම ගතකරන්නේ බිසී ලයිෆ් එකක්, ඉතින් මට තාම ඒ හැඟීම ගැන හිතන්න වෙලාවක් නෑ, මගේ කාර්යබහුලත්වය එක්ක ලවු කරන්න වෙලාවක් නෑ, ඒ වගේම තමයි මට තාම ආදරවන්තියක් නෑ, මම තනිකඩ කොල්ලෙක්”

Related Posts