මගේ පෙම්වතා නළුවෙක් හැබැයි අපිට දැන්ම බඳින්න අදහසක් නෑ – කසුනි කාවින්දි

තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය හරහා වගේම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි කසුනි කාවින්දි කියන්නේ, වර්තමානයේ ඉන්න තරුණ රංගන ශිල්පිනියන් අතරින් චරිතාංග රංගන ශිල්පිනියන් ලෙස හඳුන්වන්න පුළුවන් රංගන ශිල්පිනියන් අතලොස්සෙන් කෙනෙක් විදියටත් අපිට කසුනි කාවින්දි හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතාබහට එකතු කරගත්තේ ඔබත් මමත් ගොඩක් ආදරේ කරන කසුනි කාවින්දිවයි,

කසුනි ආයෙත් වේදිකාව පැත්තට හැරිලා නේද..? ”පුංචි තිරයේ කාර්යබහුල වීමත් එක්ක මට වේදිකාව ගොඩක් මගහැරුනා, සාමාන්‍යයෙන් වේදිකාවේ වැඩ කරද්දී ඒකට ලොකු කාලයක් වෙන් කරන්න ඕන, මම දෙයක් කරනවානම් ඒ දේ හරියටම කරන කෙනෙක්, පහුගිය කාලයේ වේදිකාව වෙනුවෙන් මගේ උපරිමය දෙන්න බෑ කියලා දැනුන නිසයි මම වේදිකාවෙන් ඈත්වෙලා හිටියේ, දැන් මට වේදිකාව වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන් කියලා දැනුන නිසයි ආයෙත් වේදිකාව පැත්තට හැරුනේ”

කසුනි කාලයකට පුංචි තිරයෙන් නිහඬ වෙන්නේ ඇයි ”මම මේ ක්‍ෂේත්‍රයේ අධ්‍යනයක් එක්ක ගමනක් යන කෙනෙක්, සාමාන්‍යයෙන් එක වැඩක් ඉවර කරලා තවත් වැඩක් කරන්න මම පොඩි කාලයක් ගන්නවා, අනිත් අය වගේ කරන්නම් වාලේ වැඩ කරන්න මම කැමති නෑ, කරන වැඩේ මහන්සිවෙලා කරනවා වගේම ඒ හැම වැඩකින්ම අත්දැකීමක් අරගෙන ගමනක් යන්න තමයි මම ට්‍රයි කරන්නේ, හොඳ නිලියක් වගේ මගේ පැවැත්ම ආරක්ෂා කරගන්න ඕන නිසා වගේම නිර්මාණය ගුණාත්මක වෙන ඕන නිසයි මම ඒ විදියට වැඩ කරන්නේ”

කසුනි දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද..? ”ඇත්තම කියනවනම් මම තවම විවාහය ගැන හිතලා නෑ, මම හිතන විදියට ජීවිතේ වැදගත්ම දේ කසාද බඳින එක නෙවෙයි. ඒ නිසා ඒකට මුල් තැන දීලා ඒ ගැන හිත හිතා ඉන්න කෙනෙක් නෙවෙයි මම, මගේ ගමන ඇතුලේ මට කරන්න පුළුවන් දවල් කොටසක් තියෙනවා, ඒ වෙනුවෙන් තමයි මම වැඩ කරන්නේ, මගේ පෙම්වතා නළුවෙක්, එයාටත් විවාහ වෙන්න හදිස්සියක් නෑ එයා මේ ක්‍ෂේත්‍රයෙන් බැහැරව වැඩ කරන කෙනෙක්, එයාට ලොකු ගමනක් තියෙනවා, ඒ නිසා අපි දැන්ම විවාහය ගැන හිතන්නේ නෑ”

Related Posts

Leave a Reply

Your email address will not be published.