ඔහු රංගන ශිල්පියෙක් නිවේදකයෙක් මෙන්ම විටෙක හඬ කැවීම් ශිල්පියෙකු ද වෙනවා. ගුග්ලි, රේස් ආදි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොමඳව දිනාගන්න බොහෝ මහ පොළොවටත් ආදරේ කරන උත්තරීතර පුද්ගලයෙක්. ඔහු පසිඳු සිංහාරගේ. විවාහක පුද්ගලයෙක් වන මොහු ගල්ගමුව ප්‍රදේශයේ ජීවත්වන අයෙක්. සරළ පුද්ගලයෙකු ලෙස ජිවත් වෙන මොහු රඟපාන්නේ මැර චරිත නිසාම ඔහුගෙන් ඒ ගැන අහන්න හිතුවා, මට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ මැර චරිත වලට.
මම මේ වන විට නිර්මාණ 30කට වැඩිය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හේතුවෙන් නිර්මාණ විසි දෙකක් ම කරලා තියෙන්නේ මැර චරිත. ගොඩක් නිර්මාණ වලටත් මට කතා කරන්නේ දුෂ්ට චරිත වලට. සමහරු හිතනවා ඇති එකම චරිතයකට මම කොටු වෙලා කියලා. හැබැයි මම හිතන්නේ මට දුෂ්ට චරිත ලැබෙන්නේ මම ඒ චරිතයට උපරිම සාධාරණත්වයත්වය ඉෂ්ට කරන නිසා වෙන්න ඇති. සමහරවිට මට මැර චරිත ලැබෙන්නේ මගේ පෙනුම නිසා වෙන්නත් පුළුවන්. මොකද මගේ පෞරුෂත්වය මගේ රැවුල මේ හැමදේම දුෂ්ට චරිතයකට තමයි ගැළපෙන්නේ.
නවක රංගන ශිල්පියෙක් ලෙස ඔබ මේ ක්ෂේත්රය ගැන තෘප්තිමත් වෙනවද, මම මේ ක්ෂේත්රයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. මේ වෙද්දි හොඳ නිර්මාණ රට තුළ බිහි වෙලා තියෙනවා. දක්ෂ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරු ඉන්නවා. හැබැයි මම දකින ලොකුම දේ තමයි දැන් නිර්මාණ බිහිවෙන්නේ එකම ආකාරයකට කියලා. අලුත් අලුත් නිර්මාණ බිහිවෙනවා නම් මේ ක්ෂේත්රයට ඇත්තටම හොඳයි. ඒක ගොඩක් වටිනවා. මම හිතන්නේ රූපවාහිනීය තුළ ප්‍රේක්ෂකයා රඳවගන්න නම් අපි අලුත් සිතුවිල් එක්ක අලුත් නිර්මාණ බිහි කළ යුතුයි .
කලාවට ආව ගමන ගැන මතක් කළොත්, මට තවම මම ආව ගමන ගැන තියෙන්නේ හීනයක් වගේ හැඟීමක්. මම යුද හමුදා සොල්දාදුවෙක් විදිහට කටයුතු කලාට වඩා ඉක්මනින් නළුවෙක් වෙලා තියෙනවා. මේ ආව ගමන ගැන මට තියෙන්නේ ඇත්තටම ලොකු සතුටක්. අහම්බෙන් මේ ක්ෂේත්රයට ආවත් මගේ දෙමාපියන් පවා මම ආව ගමන ගැන සතුටු වෙනවා අද.