මගේ පුතා ගොඩක් දුක් විඳලා තමයි මේ තැනට ආවේ – වනිඳු හසරංගගේ ආදරණීය මව කියන කතාව

මේ දවස්වල ලංකාවේ හැමෝම කතා කරන ප්‍රධාම මාතෘකාව තමයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය, කොහොම වුනත් වසර අටකට පස්සේ අපේ සිංහ කොල්ලෝ ටික ආසියානු කුසලානය දිනාගන්න සමත් වුනා, ඉතින් මෙම තරඟාවලිය පුරාවටම හැමෝගෙම අවධානය යොමුවෙලා තිබ්බ දක්ෂ ක්‍රීඩකයෙක් තමයි වනිඳු හසරංග කියන්නේ, ලංකාව පරාජය වෙන්න ගිය ගොඩක් තරඟ කණපිට හැරෙව්වේ වනිඳු විසින් ඉතින් ලාංකේය ප්‍රේක්ෂකයන් ආදරේට වනිඳුට කියන්නේ උනන්දුවා කියලා, ඉතින් අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ වනිඳුගේ ආදරණීය මව සමග.

වනිඳු හසරඟ කියන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයාගේ අම්මා විදියට පුතා ගැන මොකද හිතෙන්නේ..? ”ඇත්තටම මට මගේ පුතා ගැන ගොඩක්ම ආඩම්බරයි, ක්‍රිකට් ක්‍රීඩාවේ කොච්චර දක්ෂයෙක් වුනත් ජාතික කණ්ඩායමේ එකොළොස්දෙනා අතරට එන එක ලේසි වැඩක් නෙවෙයි, එයා අද වෙනකොට ජාතික කණ්ඩායමේ එයාටම කියලා තැනක් හදාගෙන ඉන්නවා ඉතින් මගේ පුතා ගැන මට ගොඩක්ම ආඩම්බරයි ඒ වගේම මට ගොඩක් සතුටුයි අද මගේ පුතා ඉන්න තැන ගැන”

වනිඳු පාසල් කාලෙයේ කොයි වගේ ළමයෙක්ද ”එයා පාසල් කාලේ හරිම දඟ ළමයෙක්, වනිඳු පාසල් ගියේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට. එයාගේ හොඳම යාලුවෙක් තමයි චරිත අසලංක කියන්නේ, මේ දෙන්නා පන්තියේ ඉන්නේ නැතුව ක්‍රිකට් ගහන්න පිට්ටේනියට ගිහින් ලොකු සර් මෙයාලා හොයන්න යද්දී ඔක්කම ළමයි කැලේ පැනලා, අනිත් අය අහුවෙලා, මේ දෙන්න හොරාට ගල් ටිකක් අස්සේ හැංගිලා ඉඳලා තමයි බේරිලා තියෙන්නේ, ඉතින් ඒ නිසා මාවත් ඉස්කෝලෙට ගෙන්නුවා ඒ වගේ දඟ වැඩ මෙයා හැමදාම වගේ කරනවා”

වනිඳු ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවුණේ කොහොමද ? ”පොඩිකාලේ මෙයාට ගොඩක් හොඳට ඉගනගන්න පුළුවන්, හැබැයි මෙයාට ඕන වුනේ මෙයාගේ අයියා වගේ ක්‍රිකට් ගහන්න, ඉතින් මෙයා කිවුවා අම්මේ මටත් අයියා වගේ ක්‍රිකට් ගහන්න ඕන කියලා අපිනම් කැමති වුනේම නෑ, ඒත් මෙයා අපි කියන දේ ඇහුවේ නෑ බලෙන්ම වගේ ක්‍රිකට් ගහන්න පටන් ගත්තා, අපි හීනෙකින්වත් හිතුවේ නෑ මෙයා මේ වගේ ගමනක් යාවි කියලා, කොහොම හරි මගේ පුතා හරි ඉක්මනට ලොකු ගමනක් ආවා”

අද ඉන්න තැනට එන්න වනිඳු කොච්චර කැපකිරීමක් කලාද? ”ඇත්තම කියනවනම් වනිඳු ගොඩක් දුක් වින්ද කෙනෙක්, ක්‍රිකට් ප්‍රැක්ටිස් නිසා එයා වෙලාවට කෑම වත් කන්නේ නැතිව නිදාගත්තා දවස් ඕන තරම් තිබ්බා, අනික දවසෙම ඉන්නේ අවුවේ, මට මතකයි මෙයා නිතරම වගේ මහන්සියට බස් එකෙන් නින්ද ගිහින් බහින තැනත් පහුකරලා ගිහින් බහිනවා, ඇත්තටම මගේ පුතා ගොඩක් දුක් විඳලා තමයි මේ තැනට ආවේ,”

Related Posts

Leave a Reply

Your email address will not be published.