Tue. May 17th, 2022

ඇය මෙරට දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක්. පාසල් කාලේ කියන්නේ ජිවිතේ කාටවත් අමතක නොවන මතක ගොන්නක් පිරි කාලයක්. ඉතින් පාසලක මතකය ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙන්නේ ඇයයි. නමින් උපේකා නිර්මාණි. ඔබ පාසලේ කොයි වගේ චරිතයක්ද, තරමක් ජනප්‍රිය චරිතයක් තමයි. මම පාසලේ ගොඩක් ජනප්‍රිය වුණේ සෞන්දර්ය අංශයෙන්. ඒ වයලින් වාදන ශිල්පිනියක් විදියට. මම නිතරම හිටියේ සංගීත කාමරේ. හැබැයි මුලින්ම මම ලැජ්ජාශීලී විදියට තමයි හිටියේ. කිසිම දේකට ඉස්සරහට නොගිය කෙනෙක්. හැබැයි වයලින් වාදනයත් එක්කම මම පාසලේ හැමදේකටම වයලින් වාදනය සඳහා ඉදිරියට ගත්ත ළමයෙක් වුනා. පාසලේ අනිත් විෂයන් වලට බැනුම් ඇහුවත් මම මියුසික් කියන විෂයයට නම් කවදාවත් බැනුම් අහලා නෑ. මම විවිධ තරඟ වලට පවා ඉදිරිපත් වුණා.

පාසල් යාලුවෝ ගැන මතක් කළොත්, මට පාසලේ හොඳම යාළුවෝ හතර දෙනෙක් හිටියා. අපි පස් දෙනා එකතු වෙලා හොඳ පිස්සු වැඩ කරලා තියෙනවා. ඒ කාලේ ලස්සන මතක අපේ හිත් වල අදටත් තියෙනවා. අපි sportmeet කාලෙට ග්‍රවුන්ඩ් එකට යන්න බැරිකමට බොරු රඟපෑම් කරන්න කතා වෙලා තියෙනවා. අපි පස් දෙනා කතා වෙලා එක් එක් කෙනාට ලණු දීලා තියෙනවා. ඇත්තටම අදටත් ඒ සුන්දර කාලේ මතක් වෙද්දි සතුටුයි. අපි පස් දෙනාම එකට තමයි කරන හැම දඟ වැඩක්ම කලේ. අපි පස් දෙනා එකම පන්තියක නෙවෙයි හිටියේ. පන්ති දෙකක හිටියත් අපි පීරියඩ් කට් කරන්න කතා වෙලා. ඒ කාලේ කරපු වැඩ ගැන කතා කරන්න ගියොත් ඇත්තටම දවසක් වුනත් මදි.

පාසල් කාලේ ප්‍රේම කතා ගැන මතක් කළොත්, පාසල් කාලේ පිරිමි ළමයි මට බයයි. හැබැයි ආදර යෝජනා නම් ඇවිල්ලා තියෙනවා. ඒත් කෙලින් ඇවිල්ල නම් කිසිම කෙනෙක් ආදර යෝජනා ඉදිරිපත් කරලා නැහැ. මට 10 වසරෙදි වගේ නම් ප්‍රේම කතාවක් තිබුණා. හැබැයි ඒවා ඒ කාලෙට සිද්ධ වෙන දේවල්. මම හිතන්නේ පාසල් ප්‍රේමයට වැඩි ආයුෂ නෑ, මගේ සම්බන්දෙත් තිබේ මාස තුනක් වගේ, ඒකාලේ මූණ බලාගෙන ඉන්න වීමක් මිසක් හම්බ වීමක් මිසක් හම්බ වීමක් නෙවෙයි. ලියුම් ටොෆි චොක්ලට් හම්බෙලා තියෙනව මට, අදටත් පාසල දකිද්දී වුණත් හැමදේම මතක් වෙනවා. පාසල් කාලේ කියන්නේ ජීවිතයේ සුන්දර මතක පිරි කාලයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *