මගේ පාසල් ප්‍රේමයට වෙච්ච දෙයක් හිතාගන්න බෑ – නිපුනි ගුණවර්ධන

පසුගිය කාලයේ ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ඉතින් මේ නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිපුනි පුජිත ගුණවර්ධන කියන්නේ. ඉතින් අද අපේ කතාබහට එකතු කරගත්තේ ඇයයි. ඉතින් නිපුනි කියන්න බලන්න ඔයාගේ පාසල් කාලයේ විස්තර ටිකක් ”මම පාසල් දෙකකට ගියා. මුලින්ම ගියේ අම්පාර හිඟුරාන මහා විද්‍යාලයට. ඒක මිශ්‍ර පාසලක්. එතනින් පස්සේ මම කොළඹ ශාන්ත අන්තෝනි බාලිකාවට ඇතුලත් වෙනවා,

ප්‍රාථමික විද්‍යාලයේදී මම හරිම දඟකාර කටකාර ළමයෙක් ඒ වගේම මම ඒ කාලේ හරිම පණ්ඩිතයි කියලා හැමෝම කියනවා, පිරිමි ළමයි එක්ක පවා මම රණ්ඩු වෙනවා. ඉස්කෝලේ ඇතුලේ මම හරිම ජනප්‍රියයි. මගේ අක්කා හිටියෙත් අපේ පාසලේමයි, එයා ශිෂ්‍ය නායිකාවක් ඉතින් දඟ වැඩ ගොඩක් කරන්න බෑ එයා ටිකක් සැරයි, ඉතින් එයාට හොරෙන් තමයි දඟ වැඩ කලේ

පාසල් කාලයේ මට පාසල් ප්‍රේමයක් නොතිබුනාම නෙවෙයි, හැබැයි ඒ කාලේ ආදරය කියන්නේ මොකද්දවත් දන්නේ නැති කාලයක් නේ. ඉතින් අපි හම්බවෙනවා කතා අකරනවා. එච්චරයි, ඒ කාලයේ මුලින්ම ආකර්ෂණය කියන එකනේ ඇති වෙන්නේ. ඉතින් මටත් ඇතිවුනේ එහෙම දෙයක්. ඊටපස්සේ ඒවා කාලයත් එක්ක නැතිවෙලා ගියා, අදටත් දන්නේ නෑ මගේ පාසල් ප්‍රේමයට මොකද වුනේ කියලා, හැබැයි හරිම ලස්සන කාලයක් තමයි ඒ ආයෙමත් යන්න තියෙනවනම් කියලා හිතෙනවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.