මගේ පලවෙනි පෙම්වතා ආයේ මුණගැහුනා – දිල්හානි ඒකනාය

‘දේදුන්නේ සමනලියක්’ සිනමා නිර්මාණය හරහා කළා ලෝකයට පිවිසුන සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිල්හානි අශෝකමාලා කියන්නේ, සිනමා නිර්මාණ 150කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වෙලා තියෙන දිල්හානි කියන්නේ සම්මානනීය රංගන ශිල්පිනියක්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගන්න සමත් වෙලා ඉන්න දිල්හානි අශෝකමාලා සමගයි,

දිල්හානි ඔබ රංගන ක්‍ෂේත්‍රයට පිවිසුන කාලයට සාපේක්ෂව අද කාලයේ රංගනයට පිවිසෙන්න පහසුයි, ඉතින් ඒ පිලිබඳ ඔබ දකින්නේ කොහොමද..? ”මෙහෙමයි මම ඔය තත්වය දකින විදිය ගොඩක්ම වෙනස්, ඉස්සර කාලය සහ අද කාලයක ගත්තොත් රංගන ක්‍ෂේත්‍රය විතරක් නෙවෙයි හැමදෙයක්ම ගොඩක් වෙනස්, කලාව පැත්තෙන් ගන්නවානම් එදාට වඩා අද රංගන ශිල්පිනියක් වෙන්න ලේසියි, හැබැයි කලාව තුල පවතින්න අමාරුයි, පවතින්නේ නැති පැත්තට තමා ගොඩක් බර”

දිල්හානි අද ඔබ චරිතයක් බාරගන්න කලින් සලකා බලන කරුණු මොනවද..? ”ඇත්තටම මම මුලින්ම බලන්නේ ඒ නිර්මාණයට මුදල් යොදවලා ඒ නිර්මාණය හොඳින් කරනවද කියලා, ඒ වගේම කොස්ටියුම්, ට්‍රාන්ස්පෝර්ට්, කෑම බීම හරියට ලැබෙනවද කියලත් බලනවා, මොකද ගොඩක් අය නිර්මාණ කරන්නේ ලෝ බජට්, ඉතින් එහෙම අඩු මුදලින් නිර්මාණ කරන දේවල් වලට සම්බන්ද වෙලා දුක් වින්ද වින්ද රඟපාන්න මම කැමති නෑ, අනිත් කාරණය තමයි මගේ වයසට ගැලපෙන චරිතයක්ද කියලා බලනවා, ඒ වගේම මගේ වටිනාකම මට ලැබෙනවද කියන එක, ඔය දේවල් ගැන තමයි මම මුලික අවදානය දෙන්නේ”

වසර ගණනාවක්ම රංගන ශිල්පිනියක විදියට ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන හිටපු දිල්හානි ඒකනායක පසුගිය දවසක ඇයගේ සමාජ ජාලා ගිනුමක අපූරු සටහනක් තියලා තිබ්බා ඒ ‘කාලයන්ත්‍රයෙන් කාලය හරහා නැවතත් ගමන් කරන විට සිනමාවේ මගේ පළමු මුණගැහුනා. ඒ ඔහුගේ පුතාගේම ව්වාහ මංගල උත්සවයේදි.’ කියලා, ඒ වගේම ඇය හරිම ලස්සන පින්තූර කිහිපයකුත් ඒ සමගම සමාජජාලා ගිණුමට එකතු කරලා තිබ්බා, ඒ දිල්හානිගේ පලවෙනි සිනමාපටය වන ‘දේදුන්නෙන් සමනලියක්’ සිනමාපටයේ ඇයගේ පෙම්වතා ලෙස රංගන දායකත්වය ලබා දුන් රංගන ශිල්පී අජිත් ජිනදාස සමග, ඒ දෙන්නා ගොඩක් ලාස්නයි නේ ද..?

Related Posts

Leave a Reply

Your email address will not be published.