මගේ පලවෙනි පඩිය 6500යි ඒකෙන් කේක් එකක් අරන් ගෙදර ගියා – ජනප්‍රිය නළු යෂ්

මේ දවස්වල තරුණියන්ගේ සිහින කුමාරයා වෙලා ඉන්න කඩවසම් රංගන ශිල්පියා තමයි යෂ් කියන්නේ, ඉතින් අපි හිතුවා ඔයාලා හැමෝම ආදරේ කරන යෂ් එක්ක ටිකක් කතා කරන්න, යෂ් මේ දවස්වල ඔයා නිතරම දකින්න ලැබෙනවා ඉතින් කොහොමද ලැබෙන ප්‍රතිචාර ”මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර හරිම ඉහලයි, කොහේ ගියත් ලැබෙන ප්‍රතිචාරවලින් අඩුවක් නෑ, ඇත්තම කියනවනම් ඉස්සර ඉඳන්ම මේ ලැබෙන ප්‍රතිචාරවලට ගොඩක් ආසා කළා, ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාර එක්ක හරිම සතුටින් ඉන්නවා,”

යෂ් පාසල් කාලයේ කොයිවගේ කෙනෙක්ද..? මම පාසල් දෙකක ඉගනගත්තා, එකක් මුණිදාස කුමාරතුංග විදුහල අනිත් එක බෝමිරිය ජාතික පාසල, පාසල් කාලයේත් මම අද වගේම තමයි කරන්නෙම නසරානි වැඩ මගේ පාසල් ජීවිතේ මාරයි, මම ඒ කාලේ ක්‍රිකට් ගැහුවා, කෙල්ලෝ පස්සෙන් ගියා, පන්ති කට් කළා, පුදුමාකාර කාලයක් ඒක, එදා අපි අපේ ජීවිතේ ගොඩක් හොඳින් වින්දා, අද කාලේ ළමයින්ට වඩා අපි අපේ ජීවිතේ වින්දා, අද කාලයේ ගොඩක් දරුවන් අනවශ්‍ය දේවල් බදා ගෙන ඉන්නේ, හැබැයි අපි අපේ ඒ කාලය සතුටින් වින්දා”

කෙල්ලෙක්ට ආදරයක් ඇතිවුනේ කොයි කාලයේදීද..? ”සමහර අය මේ කතාව කියද්දී විශ්වාස කරන එකකුත් නෑ, මම මුලින්ම ආදරේ කරන්න පටන් ගත්තේ හතර වසරේදී, හැබැයි ඒක ආදරයක්මද කියන්න මම දන්නේ නෑ, ඒ ගැහැණු ළමයා හිටියේ මගේ පන්තියෙමයි, එයා පන්තියට එනකන් තමයි මම හැමදාම බලාගෙන ඉන්නේ, මම එයා එක්ක කතා කරන්න ගොඩක් ආදි, ඉස්සර හෙමිහිට අතින් එහෙමත් අල්ලනවා, මම හිතන්නේ එක ආදරයක් වෙන්න ඇති එහෙමත් නැත්නම් ඒක ආකර්ෂණයක් වෙන්නත් ඇති, මොනවා වුනත් මට තාම ඒ සිදුවීම් මතක් වෙද්දී එදා දැනුන හැංගීම දැනෙනවා”

යෂ්ගේ පලවෙනි ජොබ් එක රංගනයද..? ”නැහැ නැහැ මගේ පලවෙනි රැකියාව රංගනය නෙවෙයි, මම ඊට කලින් ගොඩක් දේවල් කළා, මම මුලින්ම වැඩ කලේ පෞද්ගලික ආයතනයක උසස්පෙළ වසන් කරලා රිසාල්ට් එන්නත් කලින්ම තමයි මම ඒ ආයතනය සමග සම්බන්ද වුනේ, මට පලවෙනි පඩිය විදියට ලැබුනේ රුපියල් හයදාස් පන්සියයි, මම හරිම ආසයි කේක් කන්න ඉතින් මම පලවෙනි පඩියෙන් කලේ කේක් එකක් ගන්න එක, ඉතිරි සල්ලි රීලෝඩ් දන්නා බස් එකේ යන්න වියදම් වුනා, අද වගේ මතකයි මට ඒ සිදුවීම්”

Related Posts