Fri. Jan 28th, 2022

පුංචි තිරය තුළ ප්‍රේක්ෂක ආදරය එදා මෙන්ම අදත් නොඅඩු ලබන රංගන ශිල්පිනියක් ලෙස⁣ට උදයන්ති කුලතුංග හදුන්වා දෙන්න පුළුවන්. විවිධත්වයෙන් යුතු චරිත නිරූපණය කරන නිසාම ඇය ගැන බොහෝ බොහෝදෙනා කතා බහට ලක් කරනවා. තවද උදයන්ති කියන්නේ කෙලින් කතා කරන කිව යුතු දේ කෙලින් අදාල කෙනාටම කියන චරිතයක්. කාලයක් නිහඩ බවින් සිටි ඇය නැවත් බොහෝ දෙනා අතර කතා මවන චරිතයක් බවට පත් වුයේ විවාහයත් සමඟ. ඉතින් මේ සුදානම ඇය ගැන කතා කරන්නයි.

භවතරණ චිත්‍රපටය තිරගත විමත් සමඟ උදයන්ති සිනමාව තුළ අවුරුදු ගානකට පසුව නැවත දැකගන්න හැකි වෙලා තියෙනවා. ඇත්තටම ඔබව දැන් පුංචි තිරය තුළ දකින්න ලැබෙන්නෙ ඉතාම අඩුවෙන්. එයට හේතුවක් තියෙනවද? ”මම ඇත්තටම මෙගා නාට්‍ය නාට්‍ය රඟපාන්න කැමැති නිළියක් නෙවෙයි. මම කොටස් 40 50 ටෙලිනාට්‍ය තමා රඟපාන්න කැමති. ඒ ටෙලි නාට්‍යය වල මුල මැද අග සම්පූර්ණ ගැලපීමක් තිබුනා. ඒ නිසාම චරිතය ගැන හොඳ අවබෝධයකින් තමයි රංගනයට යොමු වුණේ. ඊට පස්සේ මෙගා නාට්‍ය බිහි වීමත් එක්ක මට හිතුනා මෙගා නාට්‍යවල චරිත කරන්න අමාරුයි කියලා. ඉතින් ඒ නිසාම මම අලුතෙන් චරිත බාර ගන්න එක නතර කළා.”

ඔබට නිළියන් අභියෝගයක් වෙලා නැද්ද, ”මම හිතන්නේ නැහැ මට කවුරුවත් එක් අභියෝගයක් තියෙනවා කියලා. මොකද අපි කලාවට සම්බන්ධ වුණ කාලය හා මේ ගෙවෙන කාලය අතර ලොකු වෙනසක් තියෙනවා. මේ කාල දෙක අතර සංස්කෘතියේ ද වෙනස්කම් තියෙනවා. ඒ මොන දේ වුනත් හොඳ රංගන ශිල්පිනියක් වෙන්න ඕනෙ කියන දේ හිතේ තියාගෙන කලාවේ ඉන්න පිරිසක් ඉන්නවා. අලුත් පරපුර එක්කත් මම සුහදව ඉන්න කෙනෙක්. මම මේ කාලෙට ගැලපෙන්න ජීවත් වෙනවා. ඒ නිසාම මට ප්‍රශ්න කියන දේවල් අඩුයි. අනික මම කවුරුත් කතා කරන තුරු ඉන්න කෙනෙක් නෙමෙයි මම ගිහින් කතා කරනවා.”

විවාහයෙන් පස්සේ සමු දුන්නා කියන කතාව ඇත්තක්ද, ”එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. රංගන ශිල්පිනියක් විවාහ කරගෙන විවාහයෙන් පස්සේ රංගනය ගැන නීති දානවා නම් ඒක වැරදියි. මම හිතෙන්නේ ජීවිතේ කවුරු මොන විදිහට කිවුවත් ඒ වගේ තීරණයක් ගන්න අපි පෙළඹෙන්න හොඳ නැහැ. හැකියාව දක්ෂතාවය එක්ක තමයි කලාව තුළ නමක් දිනාගත්ත රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන්. හැකියාවෙන් දක්ෂතාවය පෙන්වමින් හිටපු කෙනෙකුට එකපාර රංගනයෙන් ඈත් වෙන්නේ කියලා නීති දැම්මොත් ඇත්තටම පිස්සු හැදෙයි. මම කියන්නේ යම් කෙනෙක්ට දක්ෂතාවයක් තියෙනවනම් විවාහ වුනා කියලා ඒ හැකියාව නතර කරන්න හොද නැහැ කියලා. ඒ යන ගමනට විවාහ වුනත් උදව් කරන්න ඕන.”

රංගනය කියන කලාව තුළ දකින අලුත් බලාපොරොත්තු මොනවද? ”උදයන්ති කිවුවහම සමහර අයගේ හිත්වල වැරදි වැටහීම් මතුවෙනවා. මට ඕන මම කවුද කියලා නිර්මාණ වලින් ප්‍රේක්ෂකයන්ට ඔප්පු කරන්න. ඒ නිසා වෙන්න ඇති මම හැංගිලා ඉන්න කැමති නිළියක් නෙවෙයි. මම මගේ දක්ෂතාවය පෙන්වන්න කැමති කෙනෙක්. ආදරණිය චරිතයක් විදිහට හැමදාම ප්‍රේක්ෂකයන් ඉස්සරහට එන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.”

ගෙවුණු කාලය ගැන මොකද හිතෙන්නේ, ”සමහර වෙලාවට හිතෙනවා මීට වඩා දඟ අඩු කෙල්ලෙක් වුනානම් හොදයි කියලා. අපිට ගෙවන කාලේ ආපහු එන්නේ නැහැ. මේ වෙද්දි ගොඩක් අය මට ආදරෙයි. උදයන්ති ගොඩක් අහංසක වෙලා නේද කියලා සමහරු මට කියනවා. වයසත් එක්ක ඉදිරියට යද්දි තමා ජීවිතේ ගොඉඳහිට මැරෙනවට වැඩිය මම අගමැති අත්දැකීම් බහුල කෙනෙක් විදිහට මැරෙන්න. හිස් කෙනෙක් විදිහට මැරෙනවට වැඩිය මම කැමති අත්දැකීම් බහුල කෙනෙක් විදිහට මැරෙන්න. ඇත්තටම මේ වෙද්දි මට ජීවිතය ගැන දුකක් නෑ. මොකද මේ වෙද්දි මට ගොඩක් අත්දැකීම් ලැබිලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *