මගේ දෙවෙනි දරුවා ගොඩක් ලස්සනයි – ජනප්‍රිය රන්ගනශිල්පිනී අශිකා මතසිංහ

වෙළඳ දැන්වීම් නිසා හැමෝගෙම ආදරේ දිනාගත්ත සුන්දර රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංහ කියන්නේ. පසුව ඇය පුංචි තිරයට වගේම රිදී තිරයටත් අශිකා සම්බන්ද වෙනවා. ඉතින් අද අපේ කතාබහ අශිකා සමග. අශිකා කාලෙකින් ඔබ කළා ලෝකය තුල වැඩිය දකින්න ලැබුනේ නෑ ඇයි ඒ ”මෙහෙමයි මම දැන් ළමයි තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ළමයි ලැබුන කාලයේත් මම කාලයක් යනකන් කලාව එක්ක සම්බන්ද වෙලා හිටියේ නෑ. කොහොම වුනත් මම දිගටම රංගනයෙන් සමුඅරන් හිටියේ නෑ, කාලෙන් කාලෙට රංගනට සම්බන්ද වුනා. මම ආස නිතරම පේන්න ඉඳලා ප්‍රසිද්ද වෙන්න නෙවෙයි රංගන ශිල්පිනියක් විදියට ජනප්‍රිය වෙන්න”

රංගන ශිල්පිනියක් විදියට වැඩ කරද්දී දරුවන් තිදෙනා මොකද කියන්නේ..? ”ඒ තුන්දෙනා ගොඩක්ම කැමති මම රඟපානවට මොකද ඒ අයට ඒක හරිම විශේෂයි. මොකද එයාලට මාව නිර්මාණ තුලින් දකිද්දී හරිම ආසයිලු. ඒ තුන්දෙනාව ෂූටිං එක්ක යනකොට නම් මම අම්මා. ඒ වෙලාවට නිළිය අමතක වෙනවා. ඇත්තටම හරිම සතුටුයි ඒ වගේ දරුවන් තුන්දෙනෙක් ඉන්න එක”

දරුවන් තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් විදියට ලොකු වගකීම් ගොඩක් තියෙනවා ඉතින් අශිකා ඔබ කොහොමද ඒ වගකීම් නොපිරිහෙලා ඉටුකරන්නේ ”අම්මා කෙනෙක් විදියට වගකීම් ගොඩක් තියෙනවා, මට ඉන්නේ දුවයි පුතාලා දෙන්නයි, අද කාලේ පුතාලත් පරිස්සම් කරන්න ලේසි නෑ, මම හැම වෙලාවේම දරුවන් තුන්දෙනා ගැන හොයලා බලනවා, දෙවෙනි දරුවා ගොඩක්ම ලස්සනයි. එයා ෆිල්ම් වලටත් ඉල්ලුවා. ඒත් මම තවම ඒ ගැන හිතුවේ නෑ, ළමයි හරියට හදාගන්න ඕන මොකද එච්චරයි අන්තිමට ඉතිරි වෙන්නේ, මගේ ජීවිතේ අංක එක තමයි මගේ දරුවෝ”

Related Posts

Leave a Reply

Your email address will not be published.