Tue. May 17th, 2022

දෙරණ නාළිකාවේ විකාශය වන දෙවනඉනිම ටෙලිනාට්‍ය හා හිරු ටීවී නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍ය නිසා ජනතාවගේ ආදරය දිනා ගන්න හිමාලි බොහෝදෙනකු ගරු කරන ආදරය කරන රංගන ශිල්පිනියක්. ඉතින් මේ සුදානම ඇය ගැන කතා කරන්න. මුලින් හිමාලි අම්මා තියන තැන ඉදලා කතා කලොත්ඔබ වගේම දුවත් කලාවට දක්ෂ කෙනෙක් නේද, ඔව් එයාට ගායන හැකියාව හොදට තියෙනවා. රංගනයටත් එයා දක්ෂයි. එයාට හොදට රඟපාන්න පුළුවන්. පාසලේදි එයා විවිධ දක්ෂතා පෙන්වනවා. එයා දිගටම ඒදේවල් කරයිද කියන්න මම දන්නේ නෑ. හැබැයි එයා ගොඩක් දක්ෂ කෙනෙක්.

හිමාලි කලාවට එන්න පුංචි කාලේ ඉදන් ආස කලාද, ඇත්තටම නැහැ. හැබැයි මගේ අම්මා කලාවට ගොඩක් ආස කෙනෙක්. මගේ කැමැත්ත තිබුනේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න. හැබැයි නිවේදනය කියන දේ ඇතුලේ මම ආවේ ඉතාම පොඩි දුරයි. අද වෙද්දි ම⁣ට ඒ බලාපොරොත්තුව නැති වෙලාම ගිහින් තියෙනවා. ඒ ගැන දුකක් තියෙනවා.

දෙවනි ඉනිම නිසා ඔබ කලාවේ කොටු වෙලාද, ඇත්තටම එහෙම දෙයක් නෑ. දෙවනි ඉනිමි ආරම්භ කරද්දි මම අත්දැකීම් සහිත රංගන ශිල්පිනියක්. මම හොද නරකචරිත දෙකම කරලා සමාජේබැට කාපු කෙනෙක්. ඉතින් මම විවිධ චරිත වලට යොමු වුනා. දුව නිසා යම් යම් සිමා ඇති වුනත් මට දෙවනි ඉනිම කියන ටෙලිනාට්‍ය නිසා කොටුවිමක් සිද්ධ වෙලා නෑ. එහෙම කවුරුහරි කියනවනම් ඒක බොරුවක්.

දිවිතුරා ටෙලිනාට්‍ය ගැන කතා කලොත්, දිවිතුරා ටෙලිනාට්‍ය ගැන කතා කලොත් ඇත්තටම මේ ටෙලිනාට්‍ය හොද සැලසුමක් යටතේ තියෙන නාට්‍යයක්. වර්තමනයේ ටෙලිනාට්‍යයක් කරද්දි කිසි සැලසුමක් මම දකින්නේ නෑ සමහර නිර්මාණ වල. හැබැයි දිවිතුරා කියන ටෙලිනාට්‍ය එහෙම නෑ. සමහර නිර්මාණ වල පිටපත පවා දෙන්නේ ලොකේෂන් ගියහම. ඇදුම් පැලදුම් බලන්නෙත් එදාට. මේ දිවිතුරා කියන ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂවරයා පවා සුදානම් වෙන්නේ මාසයකට විතර කලින්. අපිට මේ ටෙලිනාට්‍ය පටන් ගන්න කලින් වැඩමුළු පවා පැවැත්තුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *