‘මගේ තාත්තා ශ්‍රියන්ත මෙන්ඩිස් කියල ගොඩක් අය දන්නේ නෑ’ දීපිකාටත් වඩා සුන්දර තාරුකී කියන කතාව

ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණු කියන්නේ රටේ ජනප්‍රිය රංගන ශිල්පින් දෙදෙනෙක්. අද අප කතා කරන්න යන්නේ ඔවුන්ගේ සුන්දර කුඩා දියණිය ගැන. නමින් තාරුකි අමායා මෙන්ඩිස්. ඇය රංගනය තුළට අලුත් මුහුණක්. හඩකැවිම් ශිල්පිනියක් ලෙසට කටයුතු කරන ඇය මේ වන විට වේදිකාවට එන්න පාර හදාගෙන අවසන්. රංගනයට වැඩි කැමැත්තක් නැති වුනත් ඇය මේ වන විට රංගනයට සම්බන්ධවෙලා අවසන්.

කලාව කියන දේ තාරුකිට අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසාම අපි ඇගේ පාසල් කාලය ගැන අහන්න හිතුවා. “මගේ ළමා කාලයේ මම ෆොටෝ එකකටවත් මුහුණ දෙන කෙනෙක් නෙවෙයි. ගොඩක් අය දන්නවා මම ෆොටෝ ගහන කෙනෙක් නෙවෙයි කියලා. සමහරු ඇත්තටම දන්නේ නෑ මගේ අම්මා කුසුම් රේණු තාත්තා ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්න. එයාලා දෙමාපිය රැස්විමකට විතරයි පාසලට එන්නේ. හැබැයි මමයි අක්කායි හරි කැමති අපි එයා⁣ලාගේ දරුවෝ කියලා කියනවට. අදටත් සමහර තැන්වලදි සමහරු දන්නේ නෑ මම එයාලාගේ දුව කියලා.”

අම්මා තාත්තා නිසාද ඔබ රංගනය එන්නේ “නෑ කවදාවත් අම්මා තාත්තා බල කරලා නෑ රංගනයට එන්න. හැබැයි එයාලා දෙමාපියන් විදිහට කැමැතියි අපිව රංගනය තුළින් දකින්න. ඉතින් ඒ ආසාව මගේ අම්මා තාත්තාට වුනත් තියෙන්න ඇති. පුංචි කාලේවත් මම රූගත කිරිම් බලන්න ගිහින් නෑ. ඒ තරමට මම දේවල් වලට අකමැති කෙනෙක්. අනේ මන්දා මම ලැජ්ජාශිලි කෙනෙක් නිසා වෙන්න ඇති මම ඒ දේවල් වලට ආස නැත්තේ.”

ගෙදර වැඩියෙන්ම සැර අම්මාද තාත්තාද? “අම්මානම් සැර නෑ. තාත්තා ගුරුවරයෙක් නිසා වෙන්න ඇති ටිකක් සැර. ඒත් දැන්නම් දෙන්නම සැර නෑ. ඉතින් පවුලේ ඉන්නේ මමයි අම්මායි තාත්තායි විතරයි. මගේ අක්කා දැන් විවාහ වෙලා වෙනම ඉන්නේ. ඉතින් දැන් අම්මගෙයි තාත්තගෙයි ඔක්කොම ආදරේ මට ඉතින් ඒ නිසා කවුරුත් සැර කරන්න නෑ, “

තාරුකීට අම්මා, සහ තාත්තා රඟපෑ නිර්මාණ දකිද්දී මොකද හිතෙන්නේ? ” අම්මා ඉස්සර රඟපෑවා ‘නෝනාවරුනි මහත්වරුනි’ නාට්‍යයේ ඇත්තටම අපි හරිම ආසයි ඒක බලන්න. තාත්තා රඟපෑවා ‘මායාරත්න’ නාට්‍යටත් ගොඩක් ආසයි, හැබැයි තාත්තා එකේ යකෙක් වෙනවා නේ. ඉතින් තාත්තගේ ඔඩොක්කුවේ ඉඳන්ම ඇස් වහගෙන තමයි ඒ කොටස් බලන්නේ. ඇත්තටම රඟපාන්න ආසා නැතිවුනාට ඒ නාට්‍ය බලන්න අපි ගොඩක් ආස කළා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *