මගේ තාත්තා ධීවරයෙක්, අම්මා පොඩි කඩයක් කරනවා – ඩිල්ශාන් මධුශංක

ලෝකයේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් දවාගන්න අපහසුම ක්‍රීඩකයන් ලැයිස්තුවේ ඉහලින්ම ඉන්න ක්‍රීඩකයෙක් තමයි විරාත් කෝලි කියන්නේ, කොලිගේ කඩුල්ල දවාගන්නවා කියන්නේ ඕනෑම පන්දු යවන්නෙකු ලබන විශේෂ ජයග්‍රහණයක් විදියටයි ක්‍රිකට් ක්‍රීඩාව ගැන ප්‍රවීනයන් පවසන්නේ, මීට සති කිහිපයකට කලින් නිමාවුණ ආසියානු කුසලාන තරඟාවලියේදී විරාත් ගේ කඩුල්ල ඉතාම පහසුවෙන් දවාගන්න සමත්වුණ පන්දු යවන්නෙක් තමයි ඩිල්ශාන් මදුසංක කියන්නේ, ඉතින් ආසියානු තරඟාවලිය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත දිල්ශාන් සමගයි අද අපේ කතාබහ,

ඉතින් දිල්ශාන් කියන්නකෝ බලන්න ඔයා ගැන විස්තර ටිකක් ”මගේ නම ඩිල්ශාන් මධුශංක, මම වැඩියෙන්ම කැමති දිල්ශාන් කියනවට, ටීම් එකේ අය මට කියන්නේ ඩිලී කියලා, මගේ ගම හම්බන්තොට හුංගම, සාමාන්‍යයෙන් මම කා එක්කවත් වැඩිය කතාවටයන කෙනෙක් නෙවෙයි, මම සාමාන්‍යයෙන් මගේ වැඩටික කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්, මම කැමතියි කාටවත් වදයක් නොවී ජීවත් වෙන්න”

ඩිලී කියන්නකෝ බලන්න ගෙදර සහ පවුලේ විස්තර ටිකක් ”අපේ පවුලේ ඉන්නේ අයියයි, මල්ලියි මමයි තාත්තයි අම්මයි, අයියා සහ මල්ලි මම වගේම තමයි ඒ දෙන්නම ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි ඒ දෙන්නා සාම ක්‍රීදාවක්ම වගේ කරනවා, තාත්තා කරන්නේ දීවර රැකියාව, ඒ වගේම මගේ අම්මා ගෙදර පොඩි කඩයක් කරනවා,ඒ දේවල් වලින් තමයි අපි පොඩි කාලේ ඉඳලම හැදුවේ,

ඩිලී මේ ආව ගමන ගැන මොකද හිතෙන්නේ, ”හඳහන් අනාවැකි බලලා ආවගමනක් නෙවෙයි මේක, මම ක්‍රිකට් ප්ලේ කරනවට අපේ ගෙදර කිසිම කෙනෙක් කැමති වුනේ නෑ, එයාලා කැමති වුනේ නැත්තේ ක්‍රීඩාව නිසා මගේ ඉගනීම කඩාකප්පල් වේවි කියලා, හැබැයි දැන්නම් එයාලා මැචි බලනවා, ඒ වගේම දැන් එයාලට ගොඩක් සතුටුයි අද මම ඉන්න තැන ගැන”

පොඩි නිවාඩුවක් ලැබුන ගමන් ඩිලී කරන්නේ පුළුවන් තරම් ඉක්මට ගෙදර දුවන එක කියලා ටීම් එකේ අය කියනවා, මොකද එහෙම යන්නේ ගෙදර විශේෂ හේතුවක් එහෙම තියෙනවද..? ඇත්තටම ඔවු විශේෂ හේතුවක් තියෙනවා, ඒ හේතුව තමයි අම්මගේ අතින් හදන බත්කටක් කන එක, මාළු එක්ක කතුරුමුරුංගා, පලා, පරිප්පු, අම්මා අතින් හදන කෑම එක හැරෙන්න මම මට වෙන කිසිම කෑම එකක් රස නෑ, ඉතින් නිවාඩුවක් ලැබුන ගමන් කරන්නේ දෙදරා දුවන එක”

Related Posts

Leave a Reply

Your email address will not be published.