‘මගේ ටාගට් එක පැරීසියට යන එක’ ජනප්‍රිය නිලි ප්‍රවීනා කියන කතාව

ප්‍රවිනා දිසානායක කියන්නේ මේ දිනවල කා අතරත් ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ගීතිකාට රඟපාන ඇය බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන අවසන්. සුන්දර දඟකාර ඇය ගැනයි අද අපි කතාකරන්න සුදානම් වෙන්නේ. වෙනදට වඩා වෙනස් මාතෘකාවක් ප්‍රවිනා එක්ක කතා කරන්න හිතුවා. Travel කියන්නේ කවුරුත් කැමති කවුරුත් ආස කරන මාතෘකාවක්. නේ ඉතින් ඒ පිලිබඳ කතා කරන්නයි මේ සුදානම.

ප්‍රවිනා Travel කරන්න ආස කෙනෙක්ද? “ඇත්තටම මම ⁣ගොඩක් ආසයි Travel කරන්න. ගෙදර අය එක්ක විවේකයක් ලැබුන ගමන් මම ඇවිදින්න යනවා. ඉස්සරනම් ආසාවට ඇවිද්දේ. හැබැයි අද වෙද්දි Travel කියන දේ මගේ විනෝදාංශ වෙලා තියෙනවා. යාළුවෝ පවුලේ අය කියලා වෙනසක් නෑ මම ඕනිම කෙනෙක් එක්ක travel කරනවා.

ලෝකේ යන්න ආසම තැන, ”මම දැනට ⁣පිටරට වලින් ගිහින් තියෙන්නේ ඉන්දියාවේ විතරයි. ඒ ගියෙත් නැටුම් කණ්ඩායමක් එක්ක. අපි එහෙ ගිහින් මාසයක් විතර හිටියා. ඒ ⁣කාලේ මම එහේ ඇවිද්දා. හිතේ ආසාවක් තියෙනවා අනිවාර්යයෙන් දවසක පැරිසියට යන්න. මොකද මම ගොඩක් ෆොටෝස් එහේ දැකලා තියෙනවා. හරිම ලස්සන රටක්. ඇත්තටම ඒ නිසා මම ආසයි එහේ යන්න.

Travel කියන දේ ඔබ දකින්නේ කොහොමද? ”අපි හැමෝම ගොඩක් කාර්යබහුල ජිවිත ගෙවන්නේ. මානසික නිදහස ලබාගන්න මම හිතන්නේ Travel කියන දේ ගොඩක් වටිනවා. අපි ගෙවන ඒකාකාරි ජිවිතේට ඒක ලොකු වෙනසක් කිවොත් හරි.”

Travel කරන අයට කියන්න මොනවත් තියෙනවද? ”මට කියන්න තියෙන වටිනම දේ තමා අපි යම් කිසි තැනක Travel කරනවනම් අපි ඒ තැන මනසින් විදින්න ඕනි ඒ තැන විනාශ කරන්නේ නැතුව. අපි වගේම තවත් අයට ඒ සුන්දරත්වය විදින්න අපි ඒ තැන පරිස්සම් කරන්න ඕනි. විශේෂම දේ තමයි ඒ පරිසරය ආරක්ෂා කරන එක.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *