‘මගේ ටාගට් එක ඔස්ට්‍රේලියාවට යන එක’ ජනප්‍රිය නිලි නිර්මානි දැන් කියන කතාව

පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය අමන්දා චරිතයට පණ දෙනවා. අමන්දා චරිතයට සම්බන්ධ වන ඇය නිර්මාණි ජයසිංහ, ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න, අවුරුදු විසි එකක් වෙන නිර්මාණි කලාවට තවම අලුත්. නවක රංගන ශිල්පිනියක් වුණත් ඇය ඇගේ දක්ෂතාවය උපරිම ලෙස පෙන්වනවා.

නිර්මාණි කියන්නේ කොයි වගේ චරිතයක්ද, ”මම ගොඩක් සරලව ජීවත් වෙන කෙනෙක්. මගේ පාඩුවේ නිදහසේ ජීවිතය ගත කරනවා. මට යාලුවෝ උනත් ගොඩක් නැහැ. තනියම ජීවත් වෙන්න තමයි වැඩිපුරම කැමති මම. ටිකක් නපුරු ටිකක් තරහ යනවා වෙලාවකටනම්. නංගි එක්ක තමයි වැඩිපුරම කාලය ගත කරන්නේ, මට ඉන්න හොඳම යාළුවා මගෙ නංගි,”

ඉදිරි බලාපොරොත්තු මොනවාද, ”මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට ඕස්ට්‍රේලියාවට යන එක. චිත්‍ර ගායන වලටත් මට හැකියාවක් තියෙනවා. මම උසස් පෙළටත් කළේ චිත්‍ර අදින එක. මම උපාධිය හදාරන්නේ තොරතුරු තාක්ෂණයෙන්. මගේ හැකියාවන් තිල් තියාගෙන ජීවිතේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබේ තාත්තා අධ්‍යක්ෂක වරයෙක්. පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ පියාගේ ආරාධනයකටද, ”මම කාලයක් කොරෝනා නිසා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි ඒ නිර්මාණයට තාත්තගේ යාලුවෙක් අහලා තිබුණා දුව ගන්නද කියලා. ඊට පස්සේ මම පිටපත බලන්න පටන්ගත්තා. මටත් නිර්මාණයට ආසාවක් ඇති වුනා. ඒ නිසාම මම නිර්මාණයට සම්බන්ධ වුණා. කාලයක් මම සම්බන්ධ වුණේ වෙළෙඳ දැන්වීම් වලට. ඒ නිසාම කොහොමත් මම ටෙලිනාට්‍යයක රඟපාන්න ආසාවෙන් හිටපු කෙනෙක්.”

පියාඹන මුනිස්සම් ටෙලිනාට්‍ය ගැන කතා කළොත්, ”මේ නාට්‍යයේ මම රඟපාන්නෙ අමන්දා කියන මාධ්‍යවේදිනිය ගේ චරිතයයි. ඒ චරිතය ගොඩක් අභියෝග මැද්දේ යන චරිතයක්. අමන්දා කියන චරිතය හැම චරිතයක් එක්කම බැඳිලා තියෙන සුවිශේෂී චරිතයක්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *