මගේ චූටි දෝනි ඉන්නේ කසාද බඳින වයසක නෙවෙයි – හැමෝම හොයන මොනර පැටික්කිගේ මව කතා කරයි

කතරගම කියන්නේ ලංකාවේ වගේම විදෙස් රටවල බැතිමතුන් හැමෝම එක්ව වන්දනා කරන උතුම් පුදබිමක්. ජාති ආගම් බේදයක් නැතුව සියලු ජන කොට්ඨාසයන්ගේ අතිබහුතර ගෞරව භක්තියක් කතරගම පුදබිමට හිමිවෙලා තියෙනවා. කතරගම පුද බිම හා තදින් බැඳුණු ඉපැරැණි චාරිත්‍ර විධි මෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ කිරිවෙහෙර ද කතරගම පිහිටීම නිසා මේ පින්බිමට ජනතාව ඇදී ඒම වැඩිවීමට හේතු වී තිබෙනවා, ලංකාවේ ඉතිහාසය දෙස ආපසු බලනවිට පැහැදිලිවම පෙනී යන්නේ කතරගම පෙරහරට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් බවයි.

මේ දවස්වල කතරගම ගැන හැමෝම කතාවෙන්න පටන් අරගෙන තියෙනවා එයට හේතුව තමයි කතරගම පෙරහැර, ඉතාම අලංකාර නර්ථන අංග රැසක් සමග පැවැත්වෙන මෙම පෙරහැර නරඹන්න දෙස් විදෙස් ජනයා ලක්ෂ ගණනක් ඇදී එනවා, කොහොම වුනත් මෙවර කතරගම පෙරහැර ගැන කතා කරද්දීම මතක් වෙන්නේ සමාජ ජාලාවල නිතරම ශේයාවෙන සුන්දර මොනර පැටික්කි,

සුන්දරත්වය අතින් හැමෝගෙම ආදරේ දිනාගත්ත ඇයට කථන ආබාදයක් තියෙනවා ඉතින් ඒ පිළිබඳවත් සමාජ ජාලාවල කතා වෙන්න පටන් ගත්තා. කොහොම වුනත් ඇයගේ මව ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්,. ”මගේ දුවට දැන් ඔපරේෂන් එකක් කරලා තියෙන්නේ. අපි එයා වෙනුවෙන් කිසිම ආදාරමුදලක් එකතුකරන්න කැමති නෑ, අඩුම තරමේ ආබාදිත අයට රජයෙන් ලැබෙන ආදාර මුදලවත් අපි ගත්තේ නෑ, ඒවා ගන්නෙත් නෑ, මගේ දරුවා ආබාදිත නෑ කියලයි මම හිතන්නේ, මගේ චූටි දෝනිට තවම වයට අවුරුදු එකොළහයි,

කසාද බඳින වයසක නෙවෙයි එයා ඉන්නේ, ඉතින් ඒ වගේ දේවල් ඒ දරුවාගේ ඔලුවට දන්න එපා. මම දැක්කා ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා ගොලුකම කියලා මේ වගේ දරුවන්ට එහෙම කතා කරන්න එපා. මම මෙයාට පවු කියන්නේ නෑ මොකද මෙයා පවු නෑ. මගේ දුව සාමාන්‍ය විදියට ඉන්නවා, අපිට මෙයා බරක් නෙවෙයි, මෙයාගේ හැකියාව බලලා පුලුවන්නම් මේක බලන සර්ලා ටීචලා මෙයාට උදවු කරන්න. ඒ මෙයාගේ හැකියාව වෙනුවෙන්. අපිට කිසිම මුදලක් එපා.”

Related Posts

Leave a Reply

Your email address will not be published.