‘මගේ උරුමක්කාරයා තාම හමුවෙලා නෑ’ කෝටිපති ඉෂන්කා කියන කතාව

ඇය දක්ෂ ව්‍යාපාරිකාවක්. එමෙන්ම නිරූපිකාවක්. විටෙක ඇය යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඉෂන්කා පෙරේරා අබේසේකර. මේ සුදානම ඇය ගැන කතා කරන්න. ඔබ ඔබව දකින්නේ කොහොමද, ”මම ටිකක් වෙනස් හැමදේම ගැන ගැඹුරින් හිතන කෙනෙක්. හැබැයි ජීවිතය කියන දේ ඇතුළේ මම සරලව ජීවත් වෙනවා. මම බුදු දහම ගොඩක් අදහන කෙනෙක්. පිනට පවා පොඩි පොඩි කාලේ ඉඳන්ම ලැදි කෙනෙක්. මගේ පුංචි කාලේ පවා ගෙවුනේ බෞද්ධ වටපිටාවක් තියෙන පරිසරයක. නොතේරෙන කාලේ ඉඳන් අද වෙනකන් මම ආච්චිත් එක්ක සිල් ගන්න යනවා. මම ජීවිතේ ගැන ලොකු අවබෝධයකින් තමයි වැඩ කරන්නේ.”

ආදරේ ගැන මතක් කළොත්, ”ආදරේ කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සන වචනයක්. මමත් කාලයක් ආදරේ කරපු කෙනෙක්. කාලයත් එක්ක ඒ ආදරේ නැති වෙලා ගියා. මම හිතන්නේ ඕනම කෙනෙකුට ආදරේ හමු වීමේදී සංසාරගත පුරුද්ද තියෙන්න ඕන කියලා. මම ආවට ගියාට සම්බන්ධතා ඇති කර ගන්න කෙනෙක් නෙවෙයි. සංසාරේ කොතැනක මඟ නොහැරෙන මගේ උරුමක්කාරයා හමුවේවි කියලා මම බලාගෙන ඉන්නවා.”

කාන්තාවක් විදියට ජීවිතයේ මුහුණ දීපු ලොකු ම අභියෝග මොකක්ද, ”මම ගොඩක් අය එක්ක කතා කරන කෙනෙක් නෙවෙයි. තියෙන මම සෝෂල් කෙනෙක් නෙවෙයි. මගේ පවුලේ අය ඇරෙන්න මට යාළුවොත් නැහැ. මම පොඩි පොඩිකාලේ ඉඳන්ම ගැවසුනේ මගේ පවුලේ අයත් එක්ක. හැබැයි මම කලාවට සම්බන්ධ වීමත් එක්ක මට සමාජයට මුහුණදෙන්න සිද්ධ වෙනවා. විවිධ අය ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ඉස්සර වගේ මට පාඩුවෙ ඉන්න බැහැ. මම හිතන්නේ මට ලැබුණ ලොකුම අභියෝගය තමයි ඒක. කොහොම වුනත් මම ඕනම අභියෝගයකට මුහුණ දෙන කෙනෙක්.”

කලාවට එන්න පෙනුම විතරක් ඇතිද, ”මම හිතන්නේ කලා ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න පෙනුම නෙමෙයි බලපාන්නේ දක්ෂතාවය කියලා. යමකුට කලාවේ ඉස්සරහට යන්නනම් පෙනුමට වඩා දක්ෂතාවයට මුල්තැන දිය යුතුයි. ලැබෙන චරිතයට උපරිම සාධාරණත්වය ඉෂ්ට කරන්නත් ඕන.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *