මගේ ඇඟේ තියෙන කොටසක් ඒක, ඒක පෙනුනට මට ලජ්ජා නෑ – ජනප්‍රිය නිලි සචිනි අයේන්ද්‍රා

නිරූපන ශිල්පිනියක විදියට කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙලා පසුව නිවේදන ශිල්පිනියක විදියට වගේම මේ වනවිට රංගන ශිල්පිනියක විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි සචිනි අන්ද්‍රා කියන්නේ, 1982 වසරේ අප්‍රේල් මස 08වන දින උපන් සචිනිට මේ වනවිට වයස අවුරුදු 40ක් වෙනවා, මේ වනවිට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න සචිනි අධ්‍යාපනය හදාරන්නේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන්, 2002 වසරේදී නිරූපනයට සම්බන්දවන සචිනි අයේන්ද්‍රා 2003 වසරේදී ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැලඳ ඒ වදරේදීම ලෝක රූ රැජින තරඟයටත් ලංකාව නියෝජනය කරනවා,

ඉතින අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ සචිනි අන්ද්‍රා සමග, සචිනි කලාවට සම්බන්දවීම ගැන ඔයාට මොකද හිතෙන්නේ ”ඇත්තම කියනවනම් කලාවට සම්බන්ද වෙන්න ලැබුන එක ගැන මට හරිම සතුටුයි, ගොඩක් අය කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ නෑ බයයි, මොකද මේ ක්‍ෂේත්‍රය ගැන පැතිරෙන කට කතා නිසා ගොඩක් අය මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්න බයයි, මම නම් කියන්නේ අපි හරියට ඉන්නවනම් වෙන කිසිම ප්‍රශ්නයක් නෑ, කෙනෙක්ට ගැලපෙනම ක්ෂේත්‍රයක් තමයි කළා ක්‍ෂේත්‍රය, ඉතින් මම නම් හරිම සතුටුයි”

සචිනි දැන් නිතරම පේන්න නෑ ඇයි ඒ ”මෙහෙමයි ඇත්තම කියනවනම් මට කවදාවත් මගේ මූන නිතරම රූපවාහිනියේ පෙන්නගන්න ඕන කියලා දෙයක් නෑ, මම තෝරාගන්නේ ගුණාත්මක නිර්මාණ විතරයි, හරයක් නැති නිර්මාණ වලට මම රංගනයෙන් දායක වෙන්නේ නෑ, මොකද රංගන ශිල්පිනියක විදියට අපි කරන්න ඕන සමාජයට යහපතක් වෙන දෙයක් විතරයි කියලයි මම විශ්වාස කරන්නේ, ඒ නිසා මම නිතරම දකින්න ලැබෙන එකක් නෑ,”

සචිනි තාම ලස්සනට ඉන්නේ ප්ලාස්ටික් සැත්කමක් කරලද..? ”නැහැ නැහැ මම කිසිම ප්ලාස්ටික් සැත්කමක් කරලා නෑ, හැබැයි මගේ බඩේ කැළලක් තියෙනවා, ඒ මම පොඩිකාලේ මගේ බඩේ සැත්කමක් කළා, මට වයස අවුරුදු අටයි ඒ සැත්කම කරද්දී, සමහර අය අහනවා මොකද්ද මේ කැළල කියලා, මට හරියට හර්ට් වෙලා තියෙනවා එක, සමහර අය කියනවා ඔයාගේ ඔක්කොම හොඳයි කැළල තිබ්බේ නැත්නම් කියලා කියනවා, ඒ නිසා මම ඒක වැහෙන්න ටැටූ එකක් කළා, සමහර අය මගේ ඒ කැළල ගැන කියලා කමෙන්ට්ස් පවා දාලා තියෙනවා, මම ඒවා රිමූ කරන්නේ නෑ, මම ඒකට ලජ්ජා වෙන්නේ නෑ, ඒක මගේ ඇඟේ කොටසක් මට එක එක ඒවා කියලා කමෙන්ට් දාන අය දැක්කම මම නිතනවා එයානම් සර්වසම්පුර්ණ කෙනෙක් වෙන්න ඇති කියලා”

Related Posts