‘මගේ ඇඟට ගොඩක් ගැලපෙන්නේ රෝස පාට’ ජනප්‍රිය නිලි චතුරිකා කියන කතාව

චතුරිකා පිරිස් කියන්නේ මෙරට රංගන කලාව තුළ තමන්ගේ දක්ෂතාවය මැනවින් පෙන්වූ රංගන ශිල්පිනියක්. රංගනයට දක්ෂතාවය වගේම සුන්දර රුවකට ද ඇය හිමිකම් කියනවා. බිරිඳක් වුවත් මවක් වුවත් ඇය ඇගේ සුන්දරත්වයට දී තිබෙන තැන කිසිදු වෙනසක් සිදු වී නැහැ. ඒ නිසාම වෙන්නැති එදා වගේම ඇය අදත් සුන්දර යුවතියක්. සුන්දර ගැහැනියක්. මේ සූදානම ඇයගේ සුන්දරත්වය ගැන කතා කරන්න.

මවක් වුන ඔබ එදා වගේම ඔබේ තරුණකම තාරුණ්‍ය රැකගන්න මොනවද කරන්නේ, ”අපි මොන තරම් ලස්සනට ඉන්න වගේම ජිවිතේ සතුටින් ඉන්න අපිට බලපාන මූලිකම දේ තමයි අපේ මානසික නිදහස. මානසික සතුටක් මානසික නිදහසක් නැතුව මොනතරම් පේෂල් කරත් මොන තරම් දේ කරත් අපිට අපේ තරුණකම රැක ගන්න බැහැ. අපිට ජීවිතේ එක එක කාලවලදී විවිධ වූ ප්‍රශ්න එනවා. මම විශ්වාස කරනවා ප්‍රශ්නයක් අපිට තියෙනවනම් උත්තරයත් අපි ළඟ තියෙනවා කියලා. උත්තරයක් නැතිනම් අපි අපේ ප්‍රශ්නය ගැන හිතන්න වැය කරන කාලය නතර කරන්න ඕන. මනස සතුටින් තියෙනවනම් අපි පෙනුමෙන් සුන්දරයි. මගේ පෞද්ගලික අදහස වෙන්නේ කාන්තාවක් සුන්දරව ඉපදෙන්නේ වාසනාවට කියලා.”

දිනපතා ඔබේ සුන්දරත්වය රැකගන්න ඔබ මොනවගේ දේවල්ද කරන්නේ, ”මම සතියකට දින දෙක තුනක් ව්‍යායාම් කටයුතු කරනවා. මම වතුර බොන්න කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි මම හිතලම දැන් වතුර බොන්න පුරුදු වෙලා තියෙනවා. මම උදේ නැගිටපු ගමන් වතුර වීදුරුවක් බොනවා. මම කෑම බීම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. තෙල් පිටි සීනි කෑම මම ගොඩක් දුරට ආහාරයට ගන්නේ අඩුවෙන්. රාත්‍රියේදී මම මුහුණට සත්කාරයකුත් කරනවා. සමේ තෙතමනය ආරක්ෂා කරගන්න මම ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. හැබැයි මම පාවිච්චි කරන හැමදේම මගේ සමට ගැලපෙන ඒවා විතරයි.”

ඔබ විලාසිතා ගැන හිතන කෙනෙක් ද, ”අනිවාර්යෙන්ම ඔව්. මම විලාසිතා ගැන හිතෙනවා විලාසිතා කරනවා. හැබැයි ගොඩක් වෙලාවට මම ගොඩක් විලාසිතා කරන්නේ මගේ සමේ පැහැයට ගැලපෙන ඒවා. අනික විලාසිතාවක් කරන්නේ තැනට ගැළපෙන විදිහට. මම හිතන්නේ කහ පාට රෝස පාට වගේ පාට මගේ ඇඟට ගොඩක් ගැලපෙනවා.”

වෘත්තියෙන් ඉදිරියට යන්න ලස්සන කියන දේ වැදගත් වෙනවද, ”මම හිතන්නේ නැහැ ලස්සන කියන දේ මත වෘත්තියෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා. මොකද යම් ක්ෂේත්‍රයක ඉදිරියට යන්න අනිවාර්යෙන්ම උත්සාහය කැපවීම උනන්දුව දක්ෂතාවය තියෙන්න ඕන. අපි කල්පනා කරලා බැලුවොත් ගොඩක් ක්ෂේත්‍ර වල ජයග්‍රහණය කරපු අය ලස්සන නිසාම නෙවෙයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. මම කියන්නේ වෘත්තියකින් ඉදිරියට යන්න මූලිකම දේ දක්ෂතාවය කියලා.”

ලස්සනට ජීවත් වෙන අයට දෙන්න පුළුවන් අවවාදය, ”මේ ලෝකෙ ජීවත් වෙන හැම කාන්තාවක්ම ලස්සනයි. ලස්සන කියන දේ එකිනෙකාට වෙනස්. හැබැයි අපි අපිට උපතෙන් ලබුන රුව ගැන සතුටු වෙන්න ඕනේ. ඒවගේම නිතරම අපි මනස සතුටින් තියාගන්න ඕනේ. දිනකට පුළුවන් තරම් ප්‍රමාණයක් වතුර පානය කරන්න ඕන. ඒ වගේම ව්‍යායාම් කරන්න ඇවිදින්න වගේ දේවල් වලටත් කාලය වැය කරන්න ඕන.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *